‘ස’ගේ ඇමරිකන් යාලුවෙක්… ආයෝජන මණ්ඩලයට

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස රාජා එදිරිසූරිය මහතා පත්කර ඇත.

දෙසැම්බර් 14 දින ජනාධිපතිවරයා මෙම පත් කිරීම සිදු කර ඇත.

රාජා. එදිරිසූරිය මහතා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකාවේ මිතුරෙකු බව වාර්තා වේ. ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකාවේ කැලිෆෝනියාහි පදිංචිව සිටි සමයේ ආශ්‍රය කර ඇති, කැලිෆෝනියාවේ පදිංචිව සිටි අයෙකි.

මීට පෙර ගෝඨාභය රාජපක්ෂගේ හිතවත්කම මත ඔහුව රජයේ තනතුරු ගණනාවකට පත් කර ඇත. මීට පෙර රාජපක්ෂ ආණ්ඩුව බලයේ සිටි සමයේ ඔහු බ්‍රසීලය ඇතුළු රටවල් කිහිපයක ශ්‍රී ලංකා තානාපති විය. එහෙත් රාජපක්ෂ ආණ්ඩුව පරාජය වීමෙන් පසු ශ්‍රී ලංකාවට නොපැමිණියේය.

බ්‍රසීලයේ සිටි සමයේ ඔහුට වංචා චෝදනා ද එල්ල වී ඇත.

රට දැවැන්ත අර්බුදයක සිටින, විදේශ අර්බුද අත්‍යවශ්‍ය මොහොතක් වන මේ මොහොතේ, ආයෝජන මණ්ඩලය වැනි ආයතනවලට පැරණි මිතුරන් වෙනුවට සුදුස්සන් පත් කිරීම ඉතා වැදගත්ය. එහෙත්, ජනාධිපතිවරයාට ඒ ගැන අවබෝධයක් නොමැති බව පෙනේ.

ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලයම පසුගිය සතියෙහි ඉල්ලා අස්වී තිබුණි.

2013 දී බ්‍රසීලයේ තානාපතිකම බාරගත් මොහොත