අදානි පුනරීන්වල බිස්නස් එකකලු!

මෑතකදී ශ්‍රී ලංකාවට ආපු, කොළඹ වරායේ බටහිර ජැටියේ ව්‍යාපාරවලට ගිවිසුම්ගත වුණ ගෞතම් අදානි නම් ඉන්දීය ව්‍යාපාරිකයා පුනරීන්වල සුළං බල විදුලි ව්‍යාපෘතියකට අර අඳිනවා කියලා දිවයින වාර්තා කරලා.

ඒ මෙගාවොට් 1000ක විදුලිබල ව්‍යාපෘතියක් සඳහාලු.

මේ සඳහා කැබිනට් මණ්ඩලය යටතේ තියෙන ආයෝජන සඳහා වූ කළමණාකරණ කමිටුව අනුමැතිය දීලාලු.

ඉදිරියේදී ලංකා විදුලිබල මණ්ඩලය, ආයෝජන මණ්ඩලය සහ භාණ්ඩාගාරය අතර ගිවිසුමක් ඇති කර ගන්නවාලු.

දිවයින වාර්තා කරලා තියෙන්නේ පුනරීන් ආරක්ෂක උපාය මාර්ගිකව වැදගත් ප්‍රදේශයක් කියලා. කෙසේ වෙතත් අදානි වැනි ව්‍යාපාරිකයෙකුගේ ව්‍යාපාර ආරක්ෂක උපාය මාර්ග පැත්තෙන් ශ්‍රී ලංකාවට අවාසිදායක දෙයක් කරනු ඇතිද? ඒ වෙනුවට ව්‍යාපාර කරලා උපරිම ලාභ ලබන්න උත්සාහ කරනවාද කියන එක අප කල්පනා කරන්න ඕනෑ.

පසුගාමී විශ්වාස මත බියක් ඇති කර ගන්නවා වෙනුවට අප සොයා බැලිය යුත්තේ මෙවැනි ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම්ගත වීමේදී ලංකාවට අවාසියක් තියෙනවාද, මේවා පසුපස කොමිස් ගනුදෙනු තියෙනවාද කියලයි.