කරන්නාගොඩට ආණ්ඩුකාර ධුරයක්

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා වශයෙන් වසන්ත කරන්නාගොඩ මහතාව පත් කර ඇති බව ජනාධිපති ප්‍රකාශකවරයා පවසා ඇත.

වයඹ පලාතේ හිටපු ආණ්ඩුකාර රාජා කොල්ලුරේ කොවිඩ්  ආසාදිතව අභාවප්‍රාප්ත වූ බැවින් අදාල තනතුරට කරන්නාගොඩ මහතාව පත් කර ඇත.

තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව අධිචෝදනා. ගොනු කර තිබුණි.

තමාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ  ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ රිට් පෙත්සමක් ගොනු කර ඇති අතර ඊට එරෙහිව මැදිහත්ව කරුණු  දැක්වීමට එම අතුරුදහන් වූ තරුණයින්ගේ දෙමව්පියන්ට අභියාචනාධිකරණය දෙසැම්බර් 08 වැනිදා අවසර   ලබා දී ඇත.

https://satahandotblog.wordpress.com/2021/12/08/wasantha-karannagoda-3/