පොඩි ලැසීට නීතීඥවරුන් හමුවීමට අවසර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ජනිත් මධුශංක හෙවත් පොඩි ලසී හමුවී උපදෙස් ලබා ගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂකවරයාට දෙසැම්බර් 09 දින නියම කර ඇත.

පොඩි ලසීට තම නීතීඥවරයා පෞද්ගලික හමුවීමට ඉඩ නොදීම පිලිබද   මෝසමක් මාර්ගයෙන්  අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය  මෙම නියෝගය කර ඇත.

එම මෝසම මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ඇත.

එහිදී පොඩි ලසී වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හර්ෂික සමරනායක අධිකරණයට දන්වා. ඇත්තේ තම සේවා දායකයා. හමුවීම සඳහා දෙසැම්බර් 03 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය ද එහි පොලිස් අධිකාරී මෙරිල් ළමාහේවා නීතිඥවරුන්ට ඔහු හමුවීමට අවස්ථාව ලබා නුදුන් බවය.

ඒ කරුණු සලකා බලමින් සැකකරුවන්ගේ හා නීතිඥවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි අදාළ නීතිඥවරුන්ට එම සැකකරු හමුවීමට අවස්ථාව සලසා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර ඇති අතර පෙත්සම නැවත සලකා බැලීම සඳහා දෙසැම්බර් 16 වැනිදා කැඳවීමට ද නියම කර ඇත.