මුලතිව් මාධ්‍යවේදියාට මෘග පහරදීම, සිංහල මාධ්‍ය සමාජයට අදාල නොවූ හැටි! #එකරටක්රටවල්දෙකක්

නොවැම්බර් 27 වැනිදා මුලතිව්වලදී මාධ්‍යවේදියෙක්ට හමුදාව දරුණු විදියට පහර දුන්නා. මාධ්‍යවේදියෙක්ට හමුදා සෙබළුන් ඒ විදියට පහර දීම ඉතා දරුණු සිදුවීමක්.

ඒත්, ලංකාවේ පත්තරවලට ඒක ප්‍රවෘත්තියක් වෙලා තිබුණේ නෑ. සිංහල පත්තරවල ඒ ගැන තිබුණේ එකම එක වාර්තාවක් විතරයි. උංට අදාලත් නෑ එහෙම එකක් වුණා කියන එක.

මේ බව හෙළි වුණේ වෙරිටේ රිසර්ච් ආයතනයේ ‘ද මීඩියා ඇනලයිසිස්’ අංශයෙන් කරපු මාධ්‍ය අධ්‍යනයකින්. එයාලා මේ වගේ සිදුවීම් ගැන සිංහල සහ දෙමළ මාධ්‍යවල පළ කරපු වාර්තා නිරීක්ෂණය කරනවා.

හදිසියේවත් සිංහල මාධ්‍යවේදියෙක්ට පහරදීමක් වුණා නම් ඒක රටේ ප්‍රධාන සිදුවීමක් බවට පත් වෙනවා. ඒත්, මේ කියන සිදුවීම ගැන මාධ්‍ය සංවිධානවල පවා නිවේදනයකින් එහා ගිය පුළුල් මැදිහත්වීමක් වුණේ නෑ. සිංහල මාධ්‍ය සමාජයටත් මේක අදාල වුණේ නෑ.

ඒ වුණත් දෙමළ පත්තර 25ක ඒ පිළිබඳ වාර්තා තිබුණා. දෙමළ මාධ්‍යවේදීන්ගේ සංවිධානවල විරෝධතා පැවැත්වුණා.

ඒ අනුව මේක දෙමළ රටක් සහ සිංහල රටක් විදියට රටවල් දෙකකට දැනටමත් බෙදිලාද කියන ප්‍රශ්නය ඇති වෙනවා.