ගෑස් සිලින්ඩර ප්‍රශ්නය සියයට සියයක් නිවැරදිවී ඇතැයි පාරිභෝගික ජනතාවට තවමත් සහතිකයක් ලබාදිය නොහැකි බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී දෙසැම්බර් 08 දින පාර්ලිමේන්තුමේදී පවසා තිබුණි.
නිෂ්පාදන සමාගමක් ගෑස් නිෂ්පාදනයේදී යම් වරදක් කර ඇත්නම් උපරිම වශයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවත් ගෑස්වල සංයුතිය වෙනස්වීම නිසා මේ ප්‍රශ්නය ඇතිවූ බව කවුරුත් පිළිගත යුතු යැයිද ඔහු පවසා තිබුණි.
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී අලගියවන්න මහතා මේ බව පවසා තිබුණි.
ගෑස් සිලින්ඩර ප්‍රශ්නය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත විද්‍යාත්මක තීන්දුවක් ලැබී නැති බවත් කිසිදු ආයතනයක් 1960 ගණන්වල සිට මේ දක්වා ගෑස් නියාමනයක් කර නැති බවත් ඒ මහතා පවසා තිබුණි.
ගෑස් නිෂ්පාදනයේදී පාරිභෝගිකයාගේ ආරක්ෂාවට ක්‍රියාමාර්ග රැසක් ගත යුතුව ඇති බවත් එම නිෂ්පාදන ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රශ්න ගණනාවක් නිරීක්ෂණයවී ඇති බවත් මේ තත්වය නිරාකරණය කරගැනීමට ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇතැයි ද ගෑස් සිලින්ඩර නැවේදීම පරික්ෂා කිරීම එම එක් ක්‍රියාමාර්ගයක් බවද ඔහු පවසා තිබුණි.
ගෑස්වල පීඩනය මනින කිසිදු උපකරණයක් මෙම සමාගම් දෙක සතුව නොතිබූ බවත් ගෑස් සිලින්ඩර දැන් වෙළෙඳපොළට නිකුත් කරන්නේ පීඩනය මැන බවත් සීල් කඩා නැති ගෑස් සිලින්ඩර ආපසු ලබාගැනීමට කටයුතු කරගෙන යන බවද අලගියවන්න මහතා පවසා තිබුණි.
ගෑස් සිද්ධි රටපුරා හාරසිය ගණනක් සිදුවී ඇති හෙයින් එම පාඩු ගණනය කරගෙන යන බවත් ගෑස් ගැටලුව සියයට සීයක් නිරාකරණය කරගැනීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පවසා තිබුණි.
මේ සිද්ධි ඇතිවුණදා සිට ප්‍රශ්නය විසඳීමට තමා සහ තම නිලධාරීන් පැය 24 පුරා වැඩ කටයුතු කරගෙන යන බවත් පාර්ලිමේන්තුවේදි ඔහු පවසා තිබුණි.