ශ්‍රී ලංකාවේ ආර්ථික විශ්ලේෂණයේ යෙදෙන ඇඩ්වකාටා ආයතනයේ ‘බත් කරි ඉන්ඩිකේටර්’ එක අනුව ලාංකිකයන් එදිනෙදා කෑමට ගන්න භාණ්ඩ ඇතුළත් බාස්කට් එකේ මිල 2019න් පස්සේ වාර්තා කරපු වැඩිම අගය නොවැම්බර් මාසයේ වාර්තා කළාලු.
අපේ ස’ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බාර ගත්ත 2019 අවුරුද්දේ සිට මේ දක්වා ඒ මිල සීයට 44කින් ඉහළ ගිහිල්ලාලු.
2019 දී රුපියල් 960කට මිලට ගත්ත එදිනෙදා කෑම වේලට අවශ්‍ය බඩු භාණ්ඩ ටිකට 2021 නොවැම්බර් මාසයේ රුපියල් 1390ක් ගෙවන්න ඕනෑ බව ඇඩ්වකාටා පෙන්වා දීලා තියෙනවා.
ගිය අවුරුද්දේ මේ කාලය එක්ක සැසඳුවොත් එදිනෙදා ආහාර වර්ගවල මිලත් සමහර ඒවායේ දැවැන්ත විදියට ඉහළ ගිහිල්ලා. තක්කාලි සීයට 206කින් ඉහළ ගිහින්. බෝංචි සීයට 33කින් ඉහළ ගිහින්. අමු මිරිස් සීයට 23කින් ඉහළ ගිහින්.
මේ ‘බත් කරි ඉන්ඩිකේටර්’ එකට ඇතුළත් වෙන්නේ එදිනෙදා බත් සහ එළවළු ඇතුළත් කෑම වේලකට අවශ්‍ය අඩුම කුඩුමවල වියදම ඇසුරෙන්. ඔවුන් සතිපතා මේක මනිනවා.