චිචීගේ දඹුල්ල සිංදු ජෝක් එක ආවා! ගන්ඩ දෙයක් නෑ..

රාජපක්ෂ පවුලේ පොඩි පුත් රෝහිත රාජපක්ෂ හෙවත් චිචී ඇතුළු පිරිසක් නිර්මාණය කරපු එල්පීඑල් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ තේමා ගීතය නිකුත් වෙලා.

චිචී ගයන නිසා මිසක්, සිංදුව නං මෙලෝ රහක් නෑ. තාලෙකට මෝඩ විදියට කෑගැසීමක් විතරයි.

විනය කඩ කිරීමක් නිසා තරග තහනමට පවා ලක් වූ ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලත් මේ ගීතයේ වීඩියෝවට සම්බන්ධ වෙලා.

තේමා ගීතයේ වීඩියෝ පටයේ දඹුල්ල හැරුණාම අනෙක් හැමදේම තියෙනවා. දඹුල්ල හෝ ඒ ප්‍රදේශය සංකේතවත් කරන කිසිවක් නෑ. ඒ ප්‍රදේශවල මිනිසුන් සංකේතවත් කරන කිසිවකුත් නෑ.

කොළඹ මධ්‍යම පාන්තිකයන්ගේ සුඛෝපභෝගී ආතල් ටිකකට බෙර පදයකුයි, ගොං කරත්තයකුයි, මාළු බාන කිහිපදෙනෙකුයි මිශ්‍ර කරපු කලාත්මක වටිනාකමක් නැති කුණුගොඩක් ඒ. කෙසේ වෙතත් දැවැන්ත මුදලක් වියදම් කරපු බවක් පේනවා.

තාලයක් තියෙනවනං, රිදම් එකක් තියෙනවනං ඕනෑ එකක් හොඳයි කියල හිතන පිරිසක් මේ සිංදුව අගය කරමින් කමෙන්ට් කරලා තියෙන අයුරුත් දක්නට තිබුණා.

කෙසේ වෙතත් ඕනෑ කුණුගොඩක් ආන්දෝලනාත්මක නම් සමාජ අවධානය යොමු වෙනවා. අපේ අවධානයත් යොමු වෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ යූටියුබ් ‘ට්‍රෙන්ඩින්’ ලැයිස්තුවේ ඉහළට මේ වීඩියෝව එමින් තියෙනවා.