පැනඩෝරා පත්‍රිකාවලින් හෙළි කළ කරුණු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශණයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමට පැමිණෙන්න යැයි දැනුම් දීමක් කලත්, ඇය එම ප්‍රකාශය ලබා දීමට නොපැමිණි බව කොමිසම ලේකම්වරියක වන අප්සරා කල්දේරා අනිද්දා පුවත්පතට පවසා ඇත.
නිරූපමා රාජපක්ෂ මහත්මියගේ අසනීපවලට ප්‍රතිකාර ලබා ගන්නා බැවින් ඇයට අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමට පැමිණිමට නොහැකි බවත් එබැවින් අදාල පරීක්ෂණ තවම අවසන් වී නොමැති බවත් කල්දේරා මහත්මිය පවසා ඇත.
ඔක්තෝබර් 06 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගයක් අනුව මෙම විමර්ශණය අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම ආරම්භ කළ අතර මසක් ඇතුළත අදාල විමර්ශණයේ වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස ජනාධිපතිවරයා පවසා තිබුණි.
අදාල විමර්ශණය ආරම්භ කර මේ වන විට මාස 2 ක් ගත වී ඇති අතර මෙම විමර්ශණයේ මූලික වාර්තාවක් පමණක් ජනාධිපතිවරයාට ලබා දී තිබුණි.
අදාල විමර්ශණයට අදාල ප්‍රකාශ ලබා ගැනීමට නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතාව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමට කැඳවා තිබුණි.