ඥාණසාර හිමි රතන හිමිට හුත්තිගේ පුතා කියමින් බණියි! (හඬපට)

එක රටකුයි-එක නීතියකුයි හදන්න පුළුවන් කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මහත් භක්තිමත් විශ්වාසයට ලක් වෙලා, කාර්යසාධක බලකායක සභාපතිකමට දැම්ම ගලගොඩඅත්තේ ඥාණසාර හිමි(?) බෞද්ධ හිමිනමක් වන තපෝවනයේ රතන හිමියන්ට ‘හුත්තිගේ පුතා’ කියමින් බැණවදින හඬපටයක් එළි දක්වලා.

ඒ තපෝවනයේ රතන හිමි ෆේස්බුක් මාධ්‍යයෙන් ‘භික්ෂූන් වහන්සේලා දේශපාලනය කිරීම සුදුසුද?’ යන ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් ‘භික්ෂූන් වහන්සේලා දේශපාලනය නොකළ යුතුයි’ කියන පිළිතුර දුන්න එකට කේන්ති ගිය නිසා.

කෙලෙසුන් ප්‍රහීන කරන්න කියන බෞද්ධාගම ඥාණසාර හිමියන් විශ්වාස නොකරන නිසා, ඥාණසාර හිමි හදවතින් බෞද්ධ නොවන නිසා ඒ හිමිගේ ප්‍රකාශයට කේන්ති ගියා වෙන්න ඇති.

ඒත්, මේ කියන දූරකථන ඇමතුම් හඬපටයේදී ‘පොළොවේ ගහනවා’ කියමින් ඥාණසාර හිමි තර්ජනය කරනවා. තපෝවනයේ රතන හිමිගේ චීවරය ගලවන බවටත්, ඒ හිමියන් සොයාගෙන එන බවටත් තර්ජනය කරනවා.

එක රටක් එක නීතියක් වෙනුවෙන් කතා කරන ඥාණසාර හිමිට මේ සිදුවීම ගැන පොලිස් පැමිණිල්ලක් දැම්මොත් නීතිය ක්‍රියාත්මක වේවිද? හිමිනමකගේ ප්‍රකාශනයේ අයිතියට එහිමියන් කරපු තර්ජනය රටේ ජනාධිපතිගෙන් ඍජුව ලැබූ තනතුරක බලයත් ඇතිව කරපු තර්ජනයක් බව අමතක කරන්න බෑ. ඉතින්, මේක දරුණු තර්ජනයක් ලෙස පැහැදිලිව හැඟෙනවා.

ඊට අමතරව සියලු ජාතීන්ට සමානව නීතියක් හදන බවට පොරොන්දු වූ ඥාණසාර හිමිගේ ප්‍රකාශ විශ්වාස කරන්න පුළුවන්ද? මේ ඇමතුමේදී ‘තමුසෙලා තම්බි වගේ’ කියමින් කලින් කී හිමිනමට බණිනවා. ‘තම්බි’ යන අපහාසාත්මක යෙදුමෙන් ලංකාවේ එක ජනවර්ගයක් අමතනවා නම් ඒ හිමි එකී ජනවර්ගයට සාධාරණ වෙන විදියට ‘එක නීතියක්’ හදයිද? ඒ ජනවර්ගයේ වීම කෙසේ වෙතත් ඒ ජනවර්ගයේ ‘වගේ’ වීමත් නෛසර්ගයෙන්ම ‘නරක’, ‘බාල’ වැඩක් වගේ අර්ථකතනය කරන හිමිනමක් අමුම අමු ජාතිවාදී හිමිනමක් මිස ‘එක නීතියක්’ ඇති කරන්නට සුදුසු හිමිනමක් වෙන්නේ කොහොමද?

ඊට අමතරව බෞද්ධ දර්ශනයේ උතුම් දේවල් ලෙස සලකන භාවනා කිරීම, නිවන් දැකීම ආදී සංකල්ප ‘අම්මගෙ රෙද්දවල්’, ‘නිවන් දකින්න හරි ඕනෑ මගුලක්’ ආදිය කියමින් බෞද්ධ දර්ශනයේ සංකල්ප හෑල්ලු කිරීමටත් ඥාණසාර හිමි පසුපට වෙන්නේ නෑ. ඒ අනුව ඥාණසාර හිමි ඒ සංකල්ප, ක්‍රියා පිළිවෙත පිළි නොගන්නා බවත්, ඒවා උතුම් දේවල් ලෙස නොසලකන බවත් පෙනී යනවා.

කෙසේ වෙතත් මේ තපෝවනයේ රතන හිමියන් ‘භික්ෂුව දේශපාලනය කිරීමට එකඟ නැති බව’ කරන ප්‍රකාශයට අපි එකඟ නොවන බවත් කියන්න ඕනෑ. භික්ෂූන්ට ‘දේශපාලනය නුසුදුසු’ බවත්, දේශපාලනයට නොආ යුතු බවත් පිළිගන්න අසීරුයි. මනුෂ්‍යයන් කරන ඕනෑ දෙයක් දේශපාලනිකයි. භික්ෂූන් කියන්නේත් යම් රටක පුරවැසියන් වන අය, අප වැනි රටවල භික්ෂූන් විශාල පිරිසක් ඉන්නවා.

කෙසේ වෙතත් ඥාණසාර හිමි කෑ ගසාගෙන, බුරාගෙන, ගිරිය කඩාගෙන කෑගහපු කෑගැහිල්ලෙන් පස්සේ තපෝවනයේ රතන හිමි ඒක සතපහකට ගණන් නොගැනීම තමයි හිනා යන කාරණය. ඒ හාමුදුරුවන් ඇමතුමේ හඬපටය ප්‍රසිද්ධ කළා විතරක් නෙවෙයි, ඒකට ඉතා නිවුණු ස්වරයෙන් ප්‍රතිචාර දක්වමින් විනාඩි 50කට ආසන්න වීඩියෝවකුත් ප්‍රසිද්ධ කළා. ඒ වීඩියෝවේදී ඥාණසාර හිමියන්ට පෞද්ගලිකව පහර එල්ල නොකර, තමන්ගේ මතය විස්තර ඇතිව පැහැදිලි කළා.

මේ තර්ජනය ගැන පොලීසියට පැමිණිල්ලක් දැම්මාද? යනුවෙන් ‘ඒක එච්චර තැකිය යුතු කරුණක් නෙවෙයි.’ යනුවෙන් නොසැලී ඒ හිමියන් කියනවා.

කෙසේ වෙතත් කෙලෙසුන් ප්‍රහීන කරපු පැවිද්දන් නොවන නිසා, ඥාණසාර හිමිව තඹේකට නොතකන මේ රියල් රිප්ලයි එක දැක්කාම අපට ඥාණසාර හිමි ගැන උපහාසයෙන් සිනහ නැඟෙනවා.

ඒ අය දේශපාලනයෙන් ඉවත් වීමත්, දේශපාලනය ගැන හිතා මතා අදහස් නොදක්වා සිටීමත් ඔවුන්ගේ අයිතීන් සීමා කිරීමක්. අනෙක් පැත්තෙන් දේශපාලනය හිතාමතා මඟහැරීමෙන් ඇත්ත සමාජය ගැන නිද්‍රාශීලීව, හුදෙක් බණ කතා කියන ‘නරුම අදහස් දැක්වීම්වල’ භික්ෂූන්ගේ අදහස් දැක්වීම් සීමා වෙන්න ඉඩ තියෙනවා.

ප්‍රශ්නය භික්ෂූන් දේශපාලනය කිරීම නෙවෙයි, බෞද්ධ දර්ශනයට පටහැණිව වෛරයෙන් ලෝකය දිනන්නට යෝජනා කිරීම. එක් එක් දේශපාලන කණ්ඩායම්වල කොන්ත්‍රාත්තු ඉටු කිරීමට උත්සාහ කිරීම වැරදි බව රතන හිමි කීව කතාව සමග නම් එකඟ වෙන්න පුළුවන්.

ඥාණසාර හිමි උක්ත ඇමතුමේ කළ අදහස් දැක්වීම් පහත තියෙනවා.

‘මොකක්ද තමුසේ අර දාලා තියෙන්නේ දේශපාලන චීවරධාරීන් කියලා. ඒ යූටියුබ් වීඩියෝ එක මොකක්ද?

තොපිට බණ කියන්න හුත්තිගෙ පුතෝ රට බේරලා තියෙන්නේ කවුද? තොගෙ අම්මාද? අප්පාද?

අල්ලලා ගහනවා හුත්තිගේ පුතා පොළොවේ අයින් කරපිය ඔය අහවල් දාපු ලබ්බවල්. තොපිට බණ කියන්න හරි, භාවනා කරන්න හරි මළ මගුල් ඔක්කොම කරන්න නම්, යකෝ මොකටද මේ අපි කැපකිරීම් කරන්නේ. ආ.. උඹලාට මේ මේ.. බ.

ඇහෙනවාද තමුසෙට?

වහාම අයින් කරන්න වීඩියෝ එක. අල්ලලා ගහනවා පොළොවේ.

මතක තියාගන්න උඹලා බණ කියනවා නම් බණ කියාගෙන ඒක කරපන්. ඒක කරගෙන කාලා හිටපියව්.

තොපිට බණ කියන්න හරි, භාවනා කරන්න හරි, අම්මගෙ රෙද්දවල් කරන්න උඹලට ඔය ඉඩ ලැබිලා තියෙන්නේ අපි මේ කරන කැපකිරීම නිසා. තේරුණාද?

ඇහෙනවාද තමුසෙට?

කියන්න ලබ්බක් නෙවෙයි. ඕක අයින් කරනවා වහාම. මං වහාම එන්නම් හෙට අනිද්දා.

තමුසේ කොහේද මහණ වුණේ? මහණ වුණේ කොහේද?

තපෝවනේ? මං හම්බවෙන්නං තමුසෙගේ මහ එකා එක්කම.

ඔහෙලට මේ නිදහස දුන්නාම. තමුසෙලා ධර්මය කතා කරනවා.

දේශපාලන චීවරධාරියා කියන්නේ කාටද තමුසේ. බලසේනා කියන්නේ මොකක්ද අපි කරලා තියෙන්නේ.

ගොං පොන්න වාහේලා.

වහාම අයින් කරනවා. මතක තියාගනිං සිවුරුත් ගලවලා අයින් කරන්නේ පර බල්ලෝ. කාලකණ්ණි.  තොපෙයි තම්බින්ගෙයි කිසි වෙනසක් නෑනේ කාලකණ්ණියෝ.

තොපි කැලේට වෙලා භාවනා කරගෙන, හැමණගෙන කරගෙන පලයව්.

නිවන් දකින්න හරි ඕන මගුලක්.

තොපි නිවන් දකින්න හරි පිණ්ඩපාතේ යන්න හරි ඔය ඔක්කොම කරන්න පුළුවන් යකෝ අපි මේ බෙල්ල දීපු නිසා.

ඒක මතක තියාගෙන කරපියව් කාලකණ්ණියා. අයින් කරපියව් කාලකණ්ණියා.

වහාම අයින් කරනවා. හෙට වෙනකොට ගෙන්නගන්න කලින්.

හුත්තිගෙ පුතාලා.’