මුලතිව් මාධ්‍යවේදියාට පහරදීමේ සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශණයක්

මුලතිව් ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකු වන විශ්වලිංගම් විවාචන්ද්‍රන්ට හමුදා සෙබළුන් පිරිසක් ම්ලේච්ඡ ලෙස පහරදී සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවෙන් විමර්ශණයක් ආරම්භ කර ඇත.

එම විමර්ශණයට අදාලව එදින එම ස්ථානයේ රාජකාරි කළ59 වන ඩිවිෂන්හි මුලතිව් පොලිස් ස්ථානයේ නිලධාරීන් කවුරුන් දැයි සහ එම පහරදීම සම්බන්ධයෙන් අදාල නිලධාරීන් ගෙන ඇති ක්‍රියාමාර්ග කුමක් දැයි දෙසරම්බර් 03 වන දිනට පෙර මානව හිමිකම් කොමිසමට දන්වන ලෙස මානව හිමිකම් කොමිසම ලිඛිතව දන්වා ඇත.

තවද අදාල සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ සාක්ෂී සටහන්, සිද්ධියට සම්බන්ධ බී වාර්තාව, පහරකෑමට ලක්වූ මාධ්‍යවේදියා පිළීබව වෛද්‍ය වාර්තාව සහ මුලතිව් පොලිස් මූලස්ථානය මෙම පහර දීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාදැයි මානව හිමිකම් කොමිසම් සභාවට දන්වන ලෙස පවසමින් මුලතිව් පොලිස් මූලස්ථානයට දන්වා ඇත.