ඔමික්‍රොන්ට වැට බඳින්න ෆයිසර් පෙරට එයි

බිහිසුණු ඔමික්‍රොන් කොරෝනා විකෘතිය අඩපණ කිරීම අරමුණු කරගෙන එන්නත් වැඩිදියුණු කරන්නේ යැයි ෆයිසර් සමාගම පවසන බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.


කොරෝනාවට එරෙහි ප්‍රශස්ත එන්නතක් හැටියට ලොව පිළිගැනීමට ලක්ව තිබෙන ෆයිසර් එන්නත නිපදවනු ලබන්නේ ඇමෙරිකාවේ ෆයිසර් සමාගම ජර්මනියේ බයෝ ඇන්ටෙක් සමාගම සමඟ අත්වැල් බැඳගනිමිනි.


රටවලට බෙදාහැරෙන ෆයිසර් එන්නත කොවිඩ් 19 මාතෘ වයිරසය ඉලක්ක කරගෙන නිපදවූවත් වයිරසයේ ඊලඟ පරම්පරා බිහිසුණු ලෙස විකෘතියකට ලක්ව ඇත.