බහුබූත ප්‍රජතන්ත්‍රවාදය එපා – අවුරුදු 10කට හමුදාවට රට දෙන්න

බහුබූත ප්‍රජතන්ත්‍රවාදයෙන් රටට පලක් නොමැති බවත් රට ගොඩගැනීමට නම් වසර 10කට රටේ පාලනය හමුදාවට භාරදිය යුතු බවත් හක්මන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ගැටමාන්නේ ධම්මාලංකාර හිමි පවසා. ඇත.

ඒ හිමියන් මේ බව පවසා ඇත්තේ මාතර හක්මනදී පැවති උත්සවයක් අමතමිනි.

එම උත්සවය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවකගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

මේ වනවිට රටත් විනාශ වී දේශපාලනයත් විනාශ වී ඇති බවත් මැති ඇමතිවරුන් පිළිබඳව ජනතාව තුළ කිසිදු සතුටක් නොමැති බවත් ඒ හිමියන් පවසා. ඇත. එබැවින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දුන් 69 ලක්ෂයෙන් 60 ලක්ෂයකට වඩා ප්‍රමාණයක් දැඩි කළකිරීමට පත්ව සිටින බවත් ඔවුන් ඉදිරි මැතිවරණවලදී කිසිවෙකුටත් ඡන්දය ලබා නොදෙනු ඇති බවත් ඒ හිමියන් පවසා. ඇත.