ධාරා වික්‍රමසිංහ
අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ඉන්දියාවේ මෙන්ම ආසියාවේ ද ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
2020 වසරේ අප්‍රේල් මාසයේ සිට මාස විස්සක් ඇතුළත ගෞතම් අදානිගේ වත්කම් ඩොලර් බිලියන 83.89කින් ඉහළ යෑම ඊට මූලික හේතුව වී ඇත.
මීට පෙර මෙම ස්ථානයේ සිටියේ රිලායන්ස් සමූහයේ සභාපති මුකේෂ් අම්බානි වන අතර එම කාලයේදී ඔහුගේ වත්කම් ද සියයට දෙසීයපනහකින් ඉහළ ගිය බව කියයි.
එහෙත් සෞදි ඇරැම්කෝ ඛනිජ තෙල් සමාගම වූ ගිවිසුම අත්හැරීමත් සමග මුකේෂ් අම්බානිගේ වත්කම්වල පහළ වැටීමක් විය.
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කරනු ලබන්නේ අදානි පෝට්ස් සමාගම විසිනි.