කාලේ බෝතල් තහනම ප‍්‍රායෝගික නෑ: මත්පැන් සමාගම් කියයි

කාලේ මත්පැන් බෝතල් තහනම් කිරීම ප‍්‍රායෝගිකව කළ නොහැකි දෙයක් යැයි මත්පැන් සමාගම්වල ප‍්‍රධානීන් දිවයින පුවත්පතට පවසා ඇත.

මත්පැන් මත අයකරන සුරාබදු නිසා අරක්කු බෝතලයක් මිලදී ගැනීමද අසීරු වී තිබෙන කාලයක කාලේ බෝතලයක් මිලදී ගත්නේ ද ඉතා අමාරුවෙන් ඔවුන් පවසා ඇත.

2108 වසරේ දී මෙරට මත්පැන්ලෝලීන් පානය කළ මත්පැන් බෝතල් ගණන විසිකෝටි දොළොස් ලක්‍ෂ විසි එක්දහස් එකසිය අසූඑකකි. (201,221,181) එම බෝතල්වලින් දසකෝටි පනස්පන්ලක්‍ෂ තිස් දෙදහස් එකසිය හැට නවයක්ම (105,532,169) මිලි ලීටර් 180 කාලේ බෝතල් යැයි ඔවූහු කියා සිටිති. මිලි ලීටර් 750 කින් සමන්විත අරක්කු බෝතල් මිලදී ගන්නට නොහැකි නිසා මත්පැන්ලෝලීන් කාලේ බෝතල් මිලදී ගන්නේ ඊට වඩා මුදලක් වැය කිරීමට නොහැකි තැනට ඔවුන් ඇදවැටී සිටින නිසා යැයිද පවසා ඇත.

කාලේ බෝතල් තහනම විකාර මාධ්‍ය සංදර්ශනයක් පමණක් යැයි ද මත්පැන් සමාගම් කියා සිටී.