රිෂාඩ්ගේ පක්ෂයේ මන්ත්‍රීන් 3කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

පක්ෂයේ තීරණයට එරෙහිව යමින් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බව සමස්ත ලංකා මහජන කොංග්‍රසය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පවසා ඇත්තේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉෂාක් රහුමාන්, අලි සබ්රි රහීම් සහ මුෂාරෆ් මුදුනබීන් යන මහත්වරුන්ගේ සාමාජිකත්වය අත්හිටුවීමට නොවැම්බර් 22 දින රැස්වූ පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කළ බවය.

මෙම මන්ත්‍රීවරුන් තිදෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.