සමගි ජන බලවේගයේ විරෝධය ගැන පොලිසිය තීරණයක් ගන්නවාලූ 

සමගි ජන බලවේගය විසින් පැවැත් වූ විරෝධතාවය සංවිධානය කළ අයට එරෙහිව අවශ්‍ය කරන නිතීමය ක්‍රීයාමාර්ග ඉදිරියේදී ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසා ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මෙසේ පැවසීය.

“අද දවස තුළ කොළඹ නගරයේ විරෝධතා රැලියක් පැවැත් වුණා. එම රැලියට සහභාගී වූ පිරිස් නිරෝධායන නීතිරීති කඩකරමින්, පසුගිය දා ගැසට් පත්‍රයක් මගින් සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබූ සෞඛ්‍ය මාර්ග උපදේශ කඩකරමින් කටයුතු කිරීම මත. එම කටයුතු සංවිධානය කරනු ලැබූ අයට විරුද්ධව පොලීසිය විසින් ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට කටයුතු කරමින් පවතිනවා.”