මහජන හිත් ගිනි තියන ලාෆ් ලිට්රෝ.. 

COLOMBO - SRI LANKA - (Photo by Stringer/Anadolu Agency via Getty Images)

ධාරා වික්‍රමසිංහ  

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් නිසා රටක ජනයාට වෙළඳසැල් ඉදිරිපිට දිගු පෝලිම් ගැසෙන්නට සිදුවන්නේ නම් ඒ රටේ ඇත්තේ හොඳ ආර්ථිකයක් නොවේ. නව රාජපක්ෂ ආණ්ඩුව සමයේ අවසානයේදී එම තත්ත්වය ද නිර්මාණය විය. පැරැන්නන් හා ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ 70 සමගි පෙරමුණු ආණ්ඩු කාලයෙන් පසුව මෙවැනි තත්ත්වයක් නිර්මාණය වූයේ පළමු වරට කියාය.

 කිසිදු දර්ශනයකින් තොරව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මත පාලන මිල පැනවීමත් ඒවාට අදාළව නීතිය ක්‍රියාත්මක කරගැනීමට නොහැකිවීමත් මෙම පසුබිමේ විය. අන්තිමේදී තමන්ම දැමූ කිසිදු තේරුමක් නැති පාලන මිල ඉවත් කරගැනීමට ආණ්ඩුව ක්‍රියා කළ අතර ප්‍රතිඵලය පැහැදිලි විය. එතෙක් හිඟව පැවති අත්‍යවශ්‍යය ද්‍රව්‍ය නැවතත් වෙළෙඳපලෙහි ප්‍රාදූර්භූත විය. එහෙත් ඒ මහා පරිමාණයෙන් මිල ඉහළ දමමිනි. ඒ අනුව මේ වනවිට තිරිඟු පිටි, කිරිපිටි, සිමෙන්ති සහ ගෑස් මිල ගණන් සමාගම් පාලනයට නතු කරගෙන ඇති අතර ආණ්ඩුවක් ඇත්තේ නැති ගානට වැටී තිබේ. 

මෙසේ මහජන එදාවේලට පහර ගහන අත්‍යවශ්‍ය භාණ්ඩ අතරේ මධ්‍යම පාංතිකයන් අතිබහුතරය දවන ප්‍රශ්නය බවට ගෑස් පත්ව තිබේ. 

ගෑස් මිල ඉහළ දැමීමට ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් පියවර ගත්තේ ඔක්තෝබර් 10 වැනිදා මධ්‍යම රාත්‍රියේය. 

ඒ අනුව ලිට්රෝ සමාගම කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257 කින්, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 503කින් හා කිලෝග්‍රෑම් 2.5 ක සිලින්ඩරයක මිල රුපියල් 231කින් ඉහළ දැමීය. එහෙත් ඔක්තෝබර් 11 වැනිදා නැවතත් එම මිල නැවත සංශෝධනය කෙරුණේ විසි`ඵසහගත ලෙසිනි. 

ඒ අනුව ලිට්රෝ ගෑස් (කොළඹ) නව මිල වූයේ මෙසේය. 

කිලෝග්‍රෑම් 12.5 – රු. 75කින් පහළ දැමූ පසු: රු. 2,675/= (පෙර පැවති මිල – 1493/=)

කිලෝග්‍රෑම් 5 – රු.30කින් පහළ දැමූ පසු: රු.1,071/= (පෙර පැවති මිල – 598/=)

කිලෝග්‍රෑම් 2.5 – රු.14 කින් පහළ දැමූ පසු රු. 506/= (පෙර පැවති මිල – 289/=)

ලාෆ්ස් ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල වූයේ මෙසේය. 

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක පැවති මිල රු 984/- කින් වැඩි වී ඇති අතර, නව මිල රු 2840/- වේ.

කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක පැවති මිල රු 393/- කින් වැඩි වී ඇති අතර නව මිල රු 1136/- වේ.

අප මෙසේ ගණන් හිලව් නැවත දැක්වූයේ කප්පාදු කර ඇති වැටුප් පතකින් ගෑස් සඳහා වැය කරන මුදලේ පරිමාණය තේරුම්ගැනීමටය. 

දැන් අලුත්ම තත්ත්වය කුමක්ද?

අලුත්ම තත්ත්වය වී ඇත්තේ ගෑස් හිඟය පමණක් නොවේ. හිස් ගෑස් සිලින්ඩර මිලට ගැනීමට පාරිභෝගිකයන්ට නොහැකි වීමය.

“මහත්තයා අපට කම්පැනිවලින්ම කියනවා සිලින්ඩර් විකුණන්න එපා කියලා. ඉස්සර ඒ අයම සද්ද දානවා කෝ විකුණලා නෑනේ කියල. මිනිස්සු අපි එක්ක තරහ වෙනවා සිලින්ඩර් තියාගෙන දෙන්නේ නෑ කියලා.” මේ ගෑස් අළෙවි මධ්‍යස්ථාන හිමිකරුවකු ‘සටහන් රේඩියෝව’ ට පළ කළ අදහසකි.

අප විමසූ බොහෝ තැන්වලින් ලැබුණේ මීට සමාන පිළිතුරුය. එහෙත් ඒ ඇතැම් තැනක හිස් සිලින්ඩර විකුණන්නට ද සූදානම්ය. ඒ ඇත්ත මිල මෙන් හතර පස් ගුණයකටය. නිදසුනකට කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක වෙළෙඳපොල මිල රුපියල් 4250.00කි. මේ ක`ඵ කඩ මුදලාලිලා එය විකුණන්නේ රුපියල් 14 000 සිට 20 000 දක්වා ගිනි ගණන්වලටය. මෙය මු`ඵමනින්ම පීඩාවට පත් ජනයා කබලෙන් ලිපට ඇද වට්ටන සූරාකෑමකි. එහෙත් මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පාරිභෝගික සේවා අධිකාරියක් නැත. කොටින්ම ආණ්ඩුවක් නැත.