ඇමති එස්එම් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙපාර්ශ්වයෙන් සමාව ඉල්ලා සිටීම

‘පණපිටින් ඉන්න රොනීව SM මරයි!’ යන මාතෘකාවෙන් අප බ්ලොග් අඩවියේ පළ වූ පුවතේ සඳහන් වන පරිදි එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ‘රොනීද මැල් මහතා ජීවත්ව සිටියේ නම් මෙවර ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට ප්‍රශංසා කරනු ඇති’ බව නොවේ. ඒ වෙනුවට ඔහු කියා ඇත්තේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා සිටියේ නම් ප්‍රශංසා කරනු ඇති බවය.

මෙය ඔහුගේ මුල් කතාව පාර්ලිමේන්තු විකාශයෙන් නැරඹීමෙන් නොව, එම ප්‍රකාශය උපුටා දැක් වූ වෙනත් ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක් මූලාශ්‍ර කර ගනිමින් ලියූ පුවතකි. ඒ අනුව මෙය කරුණු උපුටා ගැනීමේදී සිදු වූ වරදක් වන අතර, එම වරදේ වගකීම අපි බාර ගන්නෙමු.

පාර්ලිමේන්තු විකාශය නැරඹීමේදී වරද දුටු විගස අපි එම පුවත් ඉවත් කර ගත්තෙමු.

නැවත එවැනි වරදක් සිදු නොවනු ඇති බව සහතික වෙමු. එස්.එම්. චන්ද්‍රසේන මහතාගෙනුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙනුත් වැරදි කරුණක් මත එල්ල කළ විවේචනය ගැන සමාව ඉල්ලා සිටින්නෙමු.