විරෝධතාවයට සිදුකළ බාධා කිරීම් ජාත්‍යන්තරයට පැමිණිලි කරනවා – මද්දුම බණ්ඩාර කියයි..

ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව සමගි ජන බලවේගය කොළඹදී නොවැම්බර් 16 දින සංවිධානය කරන විරෝධතාවයට පැමිණෙන ජනතාවට විවිධ ප්‍රදේශවල දී පොලිසිය බාධා කිරීම් සිදු කළ බවත් ජනතාව පැමිණි බස් රථ මාර්ග බාධක යොදා හරවා යැවීමටත් සංවිධායකවරුන්ගේ කාර්යාලය ඉදිරිපිට  පොලිස් නිලධාරීන් යොදවා බාධා කිරීම් සිදුකළ බවත් එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසා ඇත.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබුණි.

පොලිස්පතිවරයා සියළුම පොලිස් ස්ථානවලට චක්‍රලේඛ යවා ජනතාවට විරෝධතාවට පැමිණීමේ සියලුම මාර්ග අවහිර කිරීමට කටයුතු කළ බවත් මහ ලේකම්වරයා පවසා ඇත.

ජනතාවට විරෝධය පළ කිරීමේ නිදහස උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ටත් රාජ්‍ය නිලධාරීන්ටත් එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඔහු පවසා ඇත.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට කටයුතු කරන බවත් ඔහු පවසා ඇත.