සමගි ජනබලවේගය සංවිධානය කරන ලද උද්ඝෝෂණය නවතා දමන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලීසිය අධිකරණයෙන් කළ තවත් ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල ප්‍රතික්ෂේප කර ඇත.
නොවැම්බර් 16 දින මෙම නියෝගය ලබා දී ඇත.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නොවැම්බර් 15 දින නිකුත් කරනු ලැබූ නව සෞඛ්‍යය මාර්ගෝපදේශයන් ට අනුකූලව කටයුතු කරන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට පොලිසියට නියම කර තිබුණි.
ඒ අනුව සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන්නේ නම් අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබුණි.