ස.ජ.බ පෙළපාලියට නොච්චියාගමදී පොලීසියෙන් බාධා

සමගි ජනබල වේගය මගින් කොළඹ දී පැවැත් වීමට නියමිත උද්ඝෝෂණයට නොච්චියාගම ප්‍රදේශයෙන් සහභාගී වන පිරිස් රැගත් බස් රථ සඳහා ගමන් කිරීමට ඉඩ නොදීමට  නොවැම්බර් 16 දින  පොලීසිය කටයුතු කිරීමත් සමග උණුසුම් තත්වයක් ඇති වී ඇත.

නොච්චියාගම නගර මධ්‍යයේ සිට මෙම පිරිස ගමන් ආරම්භ කිරීමට සුදානම්ව සිටි අවස්ථාවේදී නොච්චියාගම පොලිස් ස්ථානාධිපති  ඇතුළු පොලිස් නිලධාරීන් පවසා සිටියේ නිසි බළධාරියකුගෙන් අවසර ගෙන නොමැති නිසා සෞඛ්‍ය නීති  වලට අනුව බස්රථ සදහා ගමන් කිරීමට  අවසර ලබා දිය නොහැකි බවයි.

මෙහිදී  උරණ වු  පිරිස අනුරාධපුර පුත්තලම මාර්ගය ‍හරස් කරමින් සෙසු වාහන වලටද ගමන් කිරීමට බාධා ඇති කළහ. අනතුරුව විකල්ප මාර්ග යොදාගනිමින් මාර්ගයේ ගමන් ගත්  වාහන සදහා ගමන් කිරීමට පොලීසිය කටයුතු කර ඇත.

 හිටපු අමාත්‍ය වරුන් වන පීහැරිසන්,චන්ද්‍රානි බංඩාර,සහ හිටපු පළාත් සභා මංත්‍රී අරුණ බුද්ධීක ගුණසේකරනොච්චියාගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක සමරකෝන් රත්නායක  මහතාද පැමිණ පොලීසිය සමග සාකච්ඡා කලද පොලීසිය බස්රථ සදහා පිටත් වීමට අවසර ලබා නොදුන්නේය.

මෙහිදී පිරිස සහ පොලීසිය අතර උණූසුම් වචන හුවමාරුවක්ද සිදු විය.පිරිස විරෝධතා පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් මාර්ගය හරස් කරමින් රැදී සිටියෙය .

අනතුරුව විකල්ප මාර්ගයක් ඔස්සේ කොළඹ දක්වා ගමන් කරන බව පවසා  බස් රථ නැවත හරවාගනිමීන්  පිරිස පිටත්ව  ගියහ.

ලංකාදීප