සෙල්ලම් පිස්තෝලේ එරාජ්ට එරෙහිව පැමිණිල්ලක්

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් තමාට සහ දරුවන්ට පහරදී  ජීවත්ව සිටි කන්ටේනර් නිවෙස විනාශ කළ බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියෙන් යුක්තිය ඉටු නොවූ බවත් චෝදනා කරමින් කොල්ලුපිටියේ පදිංචිකරුවෙක් වන තුවාන් සලීම් මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් භාර දී ඇත.

තමන්ට සිදු වූ අසාධාරණය  සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් තුවාන් සලීම් මහතා සහ දරුවෝ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට නොවැම්බර් 15 වන දින විරෝධතාවක් සිදු කර ඇත.

එම අවස්ථාවේදී ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙක් ජනාධිපති කාර්යාලය වෙත ඔවුන්ව ගෙන ගොස් පැමිණිල්ල බාරගෙන එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවදානයට කඩිනමින් යොමුකරන බවට පොරොන්දු වී ඇත.

තුවාන් සලීම් මහතා සහ දරුවන් නවදෙනා කොල්ලුපිටිය ගාලුපාරේ  10 වැනි පටුමගේ කන්ටේනර් නිවෙසක පදිංචිව සිට ඇති අතර එම නිවස පිහිටි ඉඩම වෙනත් අයෙකුගේ යැයි පවසමින් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා ඇතුළු  කණ්ඩායමක් ගිනි අවි පෙන්වා තර්ජනය කර තමන් ඇතුළු දරුවන්ට පහරදී නිවෙසින් එළියට ඇද දමා පදිංවිව සිටි කන්ටේනර් නිවෙස එරාජ් ප්‍රනාන්දු මහතාට හිමි ආරක්ෂක ආයතනයට ගෙන ගොස් ඇති බවත්  තුවාන් මහතා නොවැම්බර්  11 වැනිදා කොල්ලුපිටිය පොලිසියට පැමිණීලි කර තිබුණි.