වැස්සෙන් කුඹුරු හානි වු ගොවීන්ට සහන – මහින්දානන්ද

අධික වාර්ෂාව නිසා හානියට පත්ව ඇති  කුඹුරු ඉඩම්වල හානි තක්සේරු කොට  සහන ලබා දීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා ඇත.

මෙවර මහ කන්නයේ වගා හානිය කුඹුරු හෙක්ටයාර් 30,000කට වැඩි නොවන බව  දිවයින පුරා ගොවිජන සංවර්ධන නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී අනාවරණය වු බවත් අමාත්‍යවරයා පවසා ඇත.

හානි තක්සේරු කර අදාල සහන ලබා දීමට කඩිනමින්  පියවර ගන්නා ලෙස කෘෂි රක්ෂණ මණ්ඩලයට හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බවත් ඔහු පවසා ඇත.

මේ අනුව හානියට පත් කුඹුරු ඉඩම් හිමියන්ට නැවත වී වගා කිරීම සඳහා අවශ්‍ය බිත්තර වී හා  කාබනික පොහොර ඇතුළු සහනාධාර ලබා දීම සඳහා. අදාළ ඇස්තමේන්තු සකස් කර ඉදිරිපත් කරන ලෙස ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ උපදෙස් දුන් බව ඔහු පවසා ඇත.