මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කුලපති ධූරයට පත්කිරීම කොළඹ විශ්ව විද්‍යාලය අත්කරගෙන සිටින ජාත්‍යන්තර කීර්ති නාමයට කැළලක් යැයි එම විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපීඨ ආචාර්ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වෛද්‍ය පී.ආර් ඇන්තනීස්, ඔස්වල්ඩ් ගෝමිස් රදගුරුතුමන් වැන්නන් කුලපති ධූරයට පත්කිරීමෙන් විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රීය වටිනාකම ඉහළ නැන් වූ නමුත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් යනු මේ ආණ්ඩුව බලයට පත්කිරීමට වැඩ කළ දේශපාලනීකරණය වූ චරිතයක් යැයි ද එම සංගමය කියයි.
මෙම තත්ත්වය තුළ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඉහත කුලපතිවරුන්ට සමාන්තර චරිතයක් නොවන්නේ යැයි ද මෙම පත්කිරීම උන්වහන්සේ සැනසීම සඳහා කරන ලද්දක් යැයි බොහෝ අනුමාන ඇතැයි ද එම නිවේදනයේ සඳහන්වේ.
මේ නිසා ජනාධිපතිවරයා කළ පත්වීම ගැන කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපීඨ ආචාර්ය සංගමය සිය අප්‍රසාදය පළ කරන්නේ යැයි ද එහි වැඩිදුරටත් සඳහන් වේ.
ධාරා වික්‍රමසිංහ
