නොවැම්බර් 12 සිකුරාදා අයවැය සම්මත කර ගැනීමට හදිසියේ තිබුණ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන යූරියා පොහොර ගෙන්වන්න කියා ඉල්ලීමක් කළාලු. ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණාලු.
රජය නිර්මාණය කරපු පොහොර අර්බුදයට විසඳුම එක බව තමයි ඔහු යෝජනා කරලා තිබුණේ.
ඒත් ආණ්ඩුවේ නායකයන් ඒක පිළිනොගෙන නැනෝ නයිට්‍රජන් පොහොර හෙවත් කාබනික/රසායනික පොහොර ගේන්නම තීන්දු කරලාලු තියෙන්නේ. ඒවා ගෙනත් නොමිලේ බෙදනවාලු. මුලිං නං ජනාධිපතිවරයා කිව්වේ රටින් පොහොර ගෙන්වනවාට වඩා ඒ සල්ලිත් දෙන්නම්, කාබනික පොහොර කරන්න කියලා.
ලබ්බ තමා ඉතින්.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙකු වන, ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා ගම් පළාතේ ඉන්න පීඩිත මිනිසුන්ගෙන් හොඳට අහගන්න බයේ මේ යෝජනාව ඉදිරිපත් කරන්න ඇති. ඔහු පාර්ලිමේන්තුවේදීත් කියා තිබුණා කැබිනට් එකේදී මේ ඉල්ලීම කරන බව.
අනෙක් පැත්තෙන් ඊළඟ කන්නයේ වගා කරන්න කලින් දැවැන්ත ගොවි උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වෙන්න නියමිතයි. මෙතෙක් තිබුණාටත් වඩා. ඒකට උත්තර විදියට ආණ්ඩුව හිතුවේ ප්‍රශ්නය විසඳනවා වෙනුවට උද්ඝෝෂන තහනම් කරන නීති දාන්නයි.
ගොවීන්ගේ ඉල්ලීම් නොදී, මර්දනය කිරීම නම් වූ විප්‍රකාර උත්තරයෙන් කාට වාසි ලැබේවිද?