සහල් ආනයනය සදහා පැවති විශේෂ වෙළද භාණ්ඩ බද්ද ශත 25 ක් දක්වා අඩු කරනු ලැබූවද නොවැම්බර් 03 වැනිදායින් පසු සහල් ආනයනය කිරීම තාවකාලිකව තහනම් කර ඇත.
ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ 2021 අංක 14 දරණ ආනයනය අපනයන රෙගුලාසි (පාලන ) රෙගුලාසි ලෙස නොවැම්බර් 03 වන දින ආනයන හා අපනයන පාලන පනත යටතේ නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය මගින්ය.
නොවැම්බර් 03 වන දිනට ප්‍රථම නැව්භාර පත්‍රයේ හෝ ගුවන් භාර පත්‍රයේ දිනය සටහන් වන සහල් ආනයනයන්ට මෙම තහනම බල නොපාන බව ගැසට් පත්‍රයේ සදහන් කර ඇත.