ලංකා සම සමාජ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා ඊළඟ දේශපාලන මණ්ඩල රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කරන්න ලෑස්තියි කියලා ඉරිදා අරුණ පත්තරය වාර්තා කරලා තියෙනවා.
ඒ වාර්තාවේ හැටියට ඔවුන්ට ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ කියා තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ගෙන් එල්ල වෙන තර්ජන ගැනත්, ආණ්ඩුවේ මහජන විරෝධී ක්‍රියාවන් පිළිබඳ සාකච්ඡා කිරීමටත් සාකච්ඡා ඉල්ලුවාට දුන්නේ නැහැලු. ඒ සඳහා කිසිම ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා ආණ්ඩුවේ ඉඳීමෙන් පළක් නැති බව තමා විශ්වාස කරනවායැයි මහාචාර්ය තිස්ස විතාරණ කීවාලු.
ඒ නිසා තමයි ඊළඟට පවත්වන ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩලයට ආණ්ඩුවෙන් ඉවත් වීමේ යෝජනාවක් ඉදිරිපත් කළේ.