රට පුරා ගැස් හිඟයක් ඇති වීමට හේතුව ලිට්‍රෝ ගෑස් සමාගම සිය නිෂ්පාදනය අඩකින් පමණ ප්‍රමාණයකින් අඩු කිරීම නිසා බව අනිද්දා පුවත්පත වාර්තා කර ඇත.
ගෑස් ආනයනය සදහා විදේශ විනිමය නොමැති වීම හේතුවෙන් එම සමාගමට ලැබෙන සැපයුම් සීමාවීම නිසා මෙම නිෂ්පාදන අඩු කර ඇත.
දෛනිකව ගෑස් සිලින්ඩර ලක්ෂයක පමණ ප්‍රමාණයක් එම සමාගම නිෂ්පාදනය කර ඇතත් දැනට පවතින හිගය නිසා දෛනිකව පුරවනු ලබන්නේ සිලින්ඩර 45,000ක ප්‍රමාණයක් බව වාර්තා කර ඇත.
ගෑස් නොමැති වීම හේතුවෙන් ඔක්තෝබර් 28 දින සිට නොවැම්බර් 01 වැනි දින දක්වා දින 5ක කාලයක් ගෑස් පිරවීම එම සමාගම සිදු කර නැති අතර ඉන්පසු ගෑස් නැවක් ගෑස් සැපයුම් කර ඇත්තේ නොවැම්බර් 01 වැනිදාය.
එම ගෑස් නොවැම්බර් 02 වැනිදා සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිලින්ඩරවලට පිරවීම ආරම්භ කර ඇත. නොවැම්බර් 04 වැනිදා තවත් ගෑස් නැවක් සැපයුම් කර ඇත.