ඥාණසාර හිමියන්ගේ පන්සලට.. ඇළක් ගොඩ කරලා -ඉඩම පන්සලට අරන් 

ගලගොඩඅත්තේ ඥානණසාර හිමි වාසය කරන රාජගිරියේ ශ්‍රී සද්ධම්ම රාජික විහාරස්ථානයේ ආසන්නයේ  පිහිටි අතුරු ඇළ මාර්ගයක් ගොඩ කර එම කොටස විහාරස්ථානයට එකතු කර ඇත.

ඥානසාර හිමියන් වාසය කරන අදාල විහාරස්ථානය පිහිටා ඇත්තේ  නාවල රාජගිරිය ප්‍රධාන මාර්ගයේ රාජගිරියේ ප්‍රධාන මාර්ගයට සමීපය.

එම විහාරය අසලින් ප්‍රධාන ඇළ මාර්ගයක් ඇති අතර එයට  එකතු වන අතුරු ඇළ මාර්ගයෙහි ගමන් මාර්ගය වෙනස් කොට, එම අතුරු ඇළ මාර්ගය ගොඩ කරමින් එම කොටස විහාරස්ථානයට මෙසේ එකතු කර ඇත.

මෙම ගොඩ කිරීම සිදු කර ඇත්තේ පසුගිය මාස 2ක කාලය තුළය.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් ගොඩ කර ඇතා ඇළ මාර්ගය ඉඩම් සංවර්ධන සංස්ථාවට අයිති කොටසක් බවත් මීට මාස 2කට පමණ පෙර විහාරස්ථානයේ ඉල්ලීම පරිදි මෙම ඇළ මාර්ගය ගොඩ කර ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් මේ ගැන අනිද්දා පුවත්පත  ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්.ඩබ්. ඩී සොයිසාගෙන් සිදු කළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ මෙසේය.

‘අපිට දවසකට ඇළවල් ගොඩ කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි දාහක් විතර ලැබෙනවා. මම දන්න විදියට  ඉඩම් සංවර්ධන සංස්ථාවෙන් මේ වගේ ගොඩ කිරීමක් වෙලා නැහැ. මම ඒ ගැන තවම දැනුවත් නැහැ. ඒ නිසා මේ ගැන වැඩිදුරටත් හොයලා විස්තර කියන්නම්’

ජනාධිපති ගෝ‍ඨාභය රාජපක්ෂගේ “එක් රටක් එක් නීතියක්” සංකල්පයට අනුව ක්‍රියාවට නැංවීමට සඳහා පත්කරන ලද ජනාධිපති කාර්‍ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ව පත් කර තිබුණි.