කොල්ලුරේ පක්ෂයටම ලැජ්ජාවක් – ඩිව් ගුණසේකර

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මතභේදකාරී තත්ත්වයක් නැතැයි එහි හිටපු ලේකම් හා දේශපාලන මණ්ඩල සභික ඩිව් ගුණසේකර මහතා ‘සටහන් රෝඩියෝව’ට පැවැසීය. 

ගුරු සටනට සහාය දීම සම්බන්ධයෙන් මතභේදකාරී තත්ත්වයක් කොමියුනිස්ට් පක්ෂය තුළ පැන නැගී ඇතැයි එහි හිටපු සභාපති වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමේදී ගුණසේකර මහතා මෙම අදහස පළ කළේය.

ලංකාවේ ගුරු වෘත්තිය සමිති ව්‍යාපාරය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අතර ඓතිහාසික සම්බන්ධයක් තිබියදී රාජා කොල්ලුරේ මහතා ගුරුවරුන් සම්බන්ධයෙන් දැක් වූ අදහස් පක්ෂට ලැජ්ජාවක් යැයි ද ගුණසේකර මහතා කීවේය.

රාජා කොල්ලුරේ මහතාගේ සභාපති තනතුර සම්බන්ධයෙන් වූ ගැටලුව දැන් අධිකරණය හමුවේ ඇති නිසා විනය විරෝධීභාවය ගැන තමා අදහස් පළ නොකරන නමුත් ඔහුගේ හැසිරීම කිසි ලෙසකින් කොමියුනිස්ට් පක්ෂය අනුමත නොකරන්නේ යැයි ද ගුණසේකර මහතා කීවේය.

ධාරා වික්‍රමසිංහ