“ගෙවල් තුනක ඉන්නවා කියලා ඔප්පු කළොත් මන්ත්‍රීධූරයෙන් ඉවත් වෙනවා’’- මෛත්‍රී කියයි

තමා ගෙවල් තුනක් යා කර සෑදූ නිවෙසක සිටින බවට මහින්දානන්ද අලුත්ගමගේ  ඇමැතිවරයා කළ ප්‍රකාශය ඔප්පු කළහොත් තමා මන්ත්‍රීධූරයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන නොවැම්බර් 11 වන දින පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

මහින්දානන්ද අළුත්ගමගේ ඇමැතිවරය තමන් සම්බන්ධයෙන් සිදු කල ප්‍රකාශය ගැන  තමා කනගාටු වන බවද ඒ මහතා පැවසීය.

තමාට මේ නිවස ලැබුණේ  කෙහෙළිය රඹුක්වැල්ල  ඇමැතිවරයාගෙන් බවත් තමා පාවිච්චි  කළ නිවෙස තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බවත් ඔහු පැවසුවේය.

තමා විස්කි බිබි කළැයි කියන සාකච්ඡාවක් ගැනද  ඔහු සඳහන් කර තිබූ බවත් තමා මත්පැන් සිගරට් බොන අයකු  නොවේ යයි තමා සිහිපත් කර දෙන බවත් සිරිසේන මහතා පවසා තිබුණි.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ එම ප්‍රකාශයෙන් පසු අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය  සම්බන්ධයෙන්  තම ඉදිරියේදී ප්‍රකාශයක් කරන බවත් ඔහු පැවසීය.