පුරවැසියා ඡන්දය භාවිත කිරීමේ සැලකිලිමත් විය යුතු ප්‍රමුඛතා සම්බන්ධයෙන් ජනතාව අතර කතිකාවතක් ඇතිකල යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණ පැෆ්රල් සංවිධානයට නොවැම්බර් 10 දින යෝජනා කර ඇත.
බහුතර පුරවැසියන් වර්තමාන දූෂිත දේශපාලන සංස්කෘතියේ ගොදුරු බවට පත්වී ඇති බැවින් මෙවැනි පියවරක් ආරම්භ කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා තමන්ට යෝජනා කළේ යැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වය (පැෆ්රල්) පවසයි.
පැෆ්රල් සංවිධානය දේශපාලන පක්ෂ සමග පවත්වනු ලබන සාකච්ඡා මාලාවේ දෙවැනි සාකච්ඡාව ජනතා විමුක්ති පෙරමුණ සමග අද පැවැති අවස්ථාවේදී මෙම අදහස් හු. වමාරු වී තිබේ.
පැෆ්රල් සංවිධානයට එවැනි කතිකාවතක් ආරම්භ කළ හැකි යැයි ද එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මහත් රුකුලක් යැයි ද ටිල්වින් සිල්වා මහතා සඳහන් කර ඇත.
නව මැතිවරණ ක්‍රමයක් සකස්වීමේදී මහජන කැමැත්ත සාධාරණව නියෝජනය විය යුතු යැයි ද පුරවැසියා ඡන්දය භාවිත කිරීමේ සැලකිලිමත් විය යුතු ප්‍රමුඛතා සම්බන්ධයෙන් ජනතාව අතර කතිකාවතක් ඇතිකල යුතු යැයි ද ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා එහිදී සඳහන් කර ඇත.
පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් සිය පක්ෂයට විවේචන තිබුණත් ව්‍යවස්ථානුකූලව පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුව ඇතැයි ද කොවිඞ් වසංගතය හා ආර්ථික පීඩාවන් හේතුවෙන් අසරණව සිටින ජනතාව සම්බන්ධයෙන් මැතිවරණ පැවැත්වීමේදී දැඩිව අවධානයට යොමුකල යුතු යැයි ද ටිල්වින් සිල්වා මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ අතර මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මැතිවරණ ක්‍රමයක් සකස්වීමේදී දැඩිව අවධානය යොමුකල යුතු මූලධර්ම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා යෝජනාවලියක් ඉදිරිපත් කළේය.