අන්තරේ කැඳවුම්කරු ඇතුළු 5 දෙනාට ඇප

බන්ධනාගාරගත කර සිටි  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු  ඇතුලු පස් දෙනෙකු ඇප මත මුදා හරින ලෙස හෝමාගම මහාධිකරණ විනිසුරු නිමල් රණවීර නියෝග කර ඇත.

නොවැම්බර් 11 වන දින මෙම නියෝගය ලබා දී ඇත.

එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් එහිදී  නියම කර ඇත.

කොතලාවල ආරක්ෂක විද්‍යාල පනතට එරෙහිව පොල්දූව පාලම අසලදී සිදුකල විරෝධතාවයක දී පොදු දේපලට හානිකල බවට පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම පිරිස දින 102 ක්   බන්ධනාගාරගත කර තිබුණු අතර බන්ධනාගාර තුළ දී මේ පිරිසට කොවිඩ් වෛරස ආසාදනය වී තිබුණි.

විත්තිකරුවන් වෙනුවෙන්  නීතිඥ  නුවන් බෝපගේ මහතා  පෙනී සිට ඇත.