ආහාර හිගයක් නෑ: සහලින් රට ස්වයංපෝෂිතයි – මහින්දානන්ද කියයි

  • මහ කන්නයට හෙක්ටයාර් පන්ලක්‍ෂයක් වගා කරලාලු

ඉදිරි කන්නය සඳහා වගා කළ යුතු හෙක්ටයාර ලක්‍ෂ අටක ප‍්‍රමාණයක් මේ වනවිට, හෙක්ටයාර් පන්ලක්‍ෂ විසිපන් දහසක් පමණ වගා කර ඇති බැවින් ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ අනියත බියක් ඇති කර ගත යුතු නැතැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ නොවැම්බර් 09 දින පාර්ලිමේන්තුවේ දිය.

27/2 යටතේ දැනට කෘෂිකර්මාන්තයේ ඇති ගැටලූ සහ නැනෝ නයිට‍්‍රජන් පොහොර ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස ප‍්‍රශ්නය විමසා තිබුණි.

එහිදී මහින්දානන්ද අලූත්ගමගේ අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත.

“රසායනික පොහොර තහනමට ආණ්ඩුව තීන්දුවක් ගත්තා. ඒත් දැන් පොහොර ගෙන්වන සමාගම් ආණ්ඩුවට එරෙහිව විශාල ව්‍යාපාරයක් ගෙන යනවා. රසායනික පොහොර කියන්නේ මාෆියාවක්. ඒක ලෝකයේ දෙවැනි මාෆියාවයි. අපි විතරක් නොවෙයි මේ කාබනික පොහොර යෙදවීමට යොමු වෙලා තියෙන්නේ. මේ රටේ කෘෂිකර්මාන්තය කඩා වට්ටන්නේ නෑ. එහෙම බලාපොරොත්තුවක් අපට නෑ, අද වන විට ඉදිරි මහ කන්නයට හෙක්ටයාර් ලක්‍ෂ අටක් වගා කළ යුතුයි. අද වනවිට හෙක්ටයාර ලක්‍ෂ විසිපන් දහසකට අධික ප‍්‍රමාණයක් වගා කර තිබෙනවා.”

“කිළිනොච්චියේ සියයට සීයයි. අද වන විට ගොවියා ගොවි බිමට ගිහින්.”

“කාබනික වගාවට පොඩි කැපකිරීමක් කරන්න වෙනවා. අපේ ගොවියා යාන්ත‍්‍රික වෙලා තිබෙන්නේ. ඒ අය පොඞ්ඩක් කැමති නැතුව ඇති. මේකෙන්හරි දේශපාලනය කරලා සමහරු ගොඩ එන්න බලනවා.”

“ගොවියා ඉල්ලූ පොහොර අපි දීලා තිබෙනවා. අපේ රසායනික පොහොර දෙන්න කියලා උද්ඝෝෂණය කරනවා. අපි මේ රටේ කෘෂිකර්මාන්තය කඩා වට්ටන්නේ නෑ. දැන් සහලින් රට ස්වයංපෝෂිතයි. අපි මේ ගේන පොහොර ගැන භූතයෙක් මවනවා. ඒත් අපි ඒක විසඳලා තිබෙනවා.”

“බැක්ටීරියා සහිත පොහොර නැව අපි නැවැත්තුවා. අපි ඒක ගත්තේ නෑ, මට ශාක නිරෝධායන පනතට එරෙහිව යන්නේ නෑ. අපිට චීනය සම`ග ප‍්‍රශ්නයක් නෑ. මහින්දානන්ද කෙළින් හිටපු නිසයි ඒ පොහොර නැව රටට ආවේ නැත්තේ. විපක්‍ෂනායකතුමාගේ ආණ්ඩුව කාලයේ රටට ප‍්‍රමිතියෙන් තොර පොහොර ගෙනාවා. අපි හොරකම් කළේ නෑ,”

“ගොඩනැගිලිවලට කුලී ගෙව්වේ නෑ. මම චම්පික මන්ත‍්‍රීතුමාට එරෙහිව සී. අයි. ඞී යනවා. එතුමා කියනවා නැනෝ නයිට‍්‍රජන් ගෙනල්ලා කොමිස් ගන්නවලූ එයා. නැනෝ යූරියා එකේ මිල ගණන් බලලා කියනවා අපි වැඩියෙන් ගෙවලාලූ. අපි ගේන්නේ නැනෝ යූරියා නොවෙයි, නැනෝ නයිට‍්‍රජන්. මේ වැඬේ අමාරුයි තමයි මේක අභියෝගයක්. තේ කර්මාන්තයට අවශ්‍ය පොහොර දුන්නා. බඩ ඉරි`ගු ප‍්‍රශ්නය විසඳුවා. ලංකාව ලෝකයේ පළමු කාබනික ගෙවත්ත බවට පත්වන විට විපක්‍ෂය කැමති නැද්ද. අද වන විට රටවල් 16 ක් අපට සහයෝගය දෙන්න කතා කරලා තිබෙනවා. මිනිස්සුන්ට වහ දෙනවාට විපක්‍ෂය විරුද්ධ නැද්ද? මේ තීන්දුව අමිහිරි වෙන්න පිළිවන්. මේ ගැන අනියත බියක් ඇති කරගන්න එපා.”