පැන්ඩෝරා පත්‍රිකා මගින් ආන්දෝලනාත්මක ගනුදෙනුවක් පිළිබඳ තොරතුරු හෙළිවීමෙන් සති කිහිපයකට පසු චිලී රාජ්‍යයේ ජනාධිපති සෙබස්තියන් පිනෙරාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඇත.
කොන්ග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලය නොවැම්බර් 08 දින මෙම දෝෂාභියෝගය ඉදිරිපත් කර ඇත. ඔහු බලයේ සිටියදී පවුලේ දේපලක් විකිණීමට අනුග්‍රහය දැක්වූ බවට වූ චෝදනා සම්බන්ධයෙන් සෙනෙට් සභාවේදී චෝදනා කරමින් අදාල දෝෂාභියෝගය ඉදිරිපත් කර තිබුණි.
පිනෙරා මහතා ජනාධිපතිව සිටියදී ඔහුගේ පවුලේ ව්‍යාපාරයක් කොටස් ඩොලර් මිලියන 138 විකිණීම සම්බන්ධ ගිවිසුමක්, අක්වෙරළින් අත්සන් කරන ලද බවට හෙළිව ඇති අතර එකල රජය නව පාරිසරික රෙගුලාසි පනවා නොගැනීම සම්බන්ධව පැන්ඩෝරා විමර්ශනයෙන් අනාවරණය විය.
එරට විපක්ෂය තර්ක කළේ එම ගනුදෙනුව තුළ නීතිමය තත්ත්වයක් තුළ කියැවෙන සබැඳියාව පිළිබඳ ගැටුමක් ඇති බවයි.
දෝෂාභියෝගය සඳහා වූ ඡන්දයට මන්ත්‍රීවරුන් 155 දෙනෙකුගෙන් යුත් මන්ත්‍රී මණ්ඩලයේ අවශ්‍ය අවම ඡන්ද 78 ක් ලැබුණු අතර පැය 20 ක අඛණ්ඩ සැසියකින් පසුව ඡන්ද විමසීම සිදුවිය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද ඇතුළුව මන්ත්‍රීන් 67 දෙනෙක් දෝෂාභියෝගයට විරුද්ධව ඡන්දය දුන්හ. තවත් අය ඡන්දය දීමෙන් වැළකී හෝ පැමිණ නැත.