අබසරණ බලකා ගැසට්ටුවත් රිවස්! බලතල අයින් කරයි! කාන්තාවක් ඇතුළු දෙමළ තුන්දෙනෙකුත් දාලා!

එක රටක් එක නීතියක් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය හෙවත් එදිනෙදා භාෂාවේ විහිළුවට වාගේ අබසරණ බලකාය විදියට හඳුන්වමින් රටේ විහිළුවට ලක් වූ ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ බලකායට තවත් සාමාජිකයන් තුන්දෙනෙක් එකතු කරමින්, දෙන්නෙකුගේ නම අයින් කරමින්, තිබුණ බලතල ටිකකුත් සීමා කරමින් අලුත් ගැසට්ටුවක් පළ කරලා.

නොවැම්බර් 06 දිනැතිව නිකුත් කළ ඒ ගැසට් පත්‍රයේ පළවැනි ලක්ෂණය තමයි කලින් ඔය බලකායේ දෙවැනියට නම සඳහන් වූ මහාචාර්ය දයානන්ද බණ්ඩාගේ නමත්, 11 වැනියාට නම තිබුණු කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් මහතාගේ නමත් දෙවැනි ගැසට්ටුවේ සඳහන් නොවීම. මේ දෙන්නා ඉල්ලා අස්වීමට ලියුම් බාර දුන් බවත්, ඒවා ජනාධිපතිවරයා පිළි නොගත් බවත් මීට කලින් ප්‍රවෘත්ති පළ වෙලා තිබුණා.

දෙවැනි ලක්ෂණය වන්නේ මේ බලකායේ බලතල සම්පූර්ණයෙන් සීමා කිරීම.

පනත් කෙටුම්පත් කරලා, දැනට අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් එක්ක කෙටුම්පත් කරමින් හිටපු කෙටුම්පත් ටික ගෙන්වාගෙන ඒවාත් නැවත චෙක් කරන්න තරමට, මේ බලකායට දීලා තිබිච්ච බලතල  ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ගහලා දාලා.

මේ බලකායේ සභාපති ගලගොඩඅත්තේ ඥාණසාර වැනි ග්‍රාම්‍ය දැනුමක් ඇඳගත් සිවුරු ඇඳගත් සාමාන්‍ය කෙනෙක්ට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ පනත් චෙක් කරන්නත්, අලුත් පනත් කෙටුම්පත් කරන්නත් බලයක් කොයින්ද? අනෙක නීති කෙටුම්පත් කිරීමේ බලය ජනාධිපතිවරයාටවත්, කොහෙවත් යන කොමිසමකටවත් තියෙන බලයක් නෙවෙයි. ජනතා ඡන්දයෙන් නියෝජිතයන් පත් වෙච්ච ව්‍යවස්ථාදායකයට අයිති බලයක් ඒක.

ඉතින් ඔය ජෝක් එක අබමල් රේණුවක දැනුමක් තියෙන මිනිස්සුන්ගෙ විවේචනයට පාත්‍ර වුණාට පස්සේ තමයි මේකේ කාර්යභාරය සංශෝධනය කරලා තියෙන්නේ.

දැන් කාර්යභාරය විදියට සඳහන් වෙන්නේ මෙහෙම. ‘ශ්‍රී ලංකාව තුළ එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන්ද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේණික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම.’

ඒ අනුව අර පනත් හදන මහා වැඩේ අතෑරලා, සංකල්ප ටිකක් එළියට දානවා වගේ හීනි වැඩක් තමයි දැන් තියෙන්නේ. මහලොකුවට බලකායක් පත් කොළාට, ඒකේ රාජකාරිය ගැනවත් හරියට දැනගෙන ඉඳලා නෑ වගේ ජනාධිපති.

තුන්වැනි ලක්ෂණය තමයි මේකට අලුතින් සාමාජිකයන් තුන්දෙනෙක් පත් කිරීම. මේ  පත් කරපු තුන්දෙනාම දෙමළ ජාතිකයන්. එක්කෙනෙක් කාන්තාවක්. ලංකාවේ ජනවර්ග භේදයක් නැතිව, ස්ත්‍රී පුරුෂ ආදී භේද නැතිවි නීති හදන්න කයිය ගැහුවාට, බලකායට විවිධ පාර්ශ්ව නියෝජනය කරන අයව පත් කරන්න තරම් බුද්ධියක් ජනාධිපතිවරයාට තිබුණේ නෑ. ගැසට් එක ගැහුවාට පස්සේ තමයි එළියෙ ඉන්න උං කීවාම ඒවා දැකලා තිබුණේත්.

ආයතනයක්, බලකායක් පත් කරනකොට අවශ්‍ය වෙන මූලික සංයුතිය ගැනවත් දන්නේ නැති නායකයෙක්නේ. ඉතින්, තවත් ගැසට්ටුවකින් ඒක හදන්න වෙලා.

ගැසට්ටුව පහත ලින්ක් එකෙන් බලන්න..

Click to access 2252-56_S.pdf