2022 ඉදන් මීටර් නැතිව හයර් යන්න බැහැ 

කුලී ත්‍රිරෝද රථ සඳහා මීටර් සවිකිරීමේ නීතිය 2022 වර්ෂයේ  සිට යළිත් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙම නීතියට අදාල ගැසට් පත්‍රය 2018 වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇතත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර නොතිබුණි.

එබැවින් 2022 ජනවාරි 01 වැනිදා සිට ජූනි 15 වැනිදා දක්වා කාලයේ කුලී සේවාවල නිරත සියලුම ත්‍රිරෝද මීටර් සවිකිරීම අනිවාර්ය බවත් මීටර් නොමැතිව ධාවනය වන ත්‍රිරෝද රථ සඳහා නෛතික පියවර ගන්නැයි ප්‍රවාහන අමාත්‍යංශය  පොලිසියට උපදෙස් දී ඇත.

මේ අනුව බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ  2022 ජනවාරි 15 වැනිදාට පෙරත්, දකුණු පළාතේ ත්‍රිරෝද රථ පෙබරවාරි 15 වැනිදාට පෙරත්, වයඹ පළාතේ ත්‍රිරෝද රථ මාර්තු 15 වැනිදාට පෙරත්, මධ්‍යම පළාතේ ත්‍රිරෝද රථ අප්‍රේල් 15 වනදාට පෙරත්, සබරගමුව, ඌව, උතුරු මැද පළාත්වල ත්‍රිරෝද රථ මැයි 15 වැනිදාට පෙරත්, උතුරු හා නැගෙනහිර පළාත්වල ත්‍රිරෝද රථ ජූනි 15 වැනිදාට පෙරත් මීටර් සවිකර ගත යුතුව ඇති අතර එම දිනවලින් පසු මාර්ගයට එක්කරන කුලී ත්‍රිරෝද රථවලට එරෙහිව පොලිසිය අධිකරණමය ක්‍රියාමාර්ග ගනු ලබයි.