පෙරටුගාමී විරෝධතාව ගැන පොලිස් විමර්ශනයක්

පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නොවැම්බර් 09 වන දින  පවත්වා ඇති  විරෝධතාවක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇත.

අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසා ඇත.

අධිකරණයට බලපෑමක් වන ලෙස හා අපහාසයක් වන ලෙස කටයුතු කළ බවට මෙම පැමිණිල්ල ලැබී ඇති බව ඒ මහතා පවසා ඇත.

පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවක් නිරතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෙරටුගාමී සාමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් රක්ෂිත බන්ධනගාරගත කර සිටින අතර එම පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට යළි ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී  එම පක්ෂයේ ක්‍රියාකාරින් මෙම විරෝධතාව පැවැත්විය.