රාජ්‍ය සේවක වැටුප් ගැටලූවට අයවැයෙන් විසඳුම් ලැබෙනවා

ජනතාවට සහන රැසක් සලසන යහපත් අයවැයක් මුදල් ඇමැතිතුමා ඉදිරි දින කීපයේදී ඉදිරිපත් කරන බව විශ්වාස යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසා ඇත.

රජයේ සේවකයන්ගේ වැටුප් ගැටලූවලට ද විසඳුම් ද මෙවර අයවැයෙන් ලැබෙනු ඇති බව ඔහු දිවයින පුවත්පතට පවසා ඇත.

‘මේ පාර අයවැය ඉදිරිපත් කරන්නේ රටේ කොවිඞ් වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක. කොවිඞ් නිසා තමන්ගේ රැකියා කටයුතු දෛනික ජීවනෝපාය මාර්ග අහිමිවුණු විශාල පිරිසක් ඉන්නවා. ඒ ජීවනෝපාය මාර්ග අහිමිවුණු අයගේ ජීවනෝපාය මාර්ග ඉහළ නංවන අයවැයක් මේ සැරේ අයවැය තුළින් මුදල් ඇමැතිතුමා ඉදිරිපත් කරනවා විශ්වාසයි. අනිත් එක තමයි දැන් රටපුරා බොහෝ අය ගොවි උද්ඝෝෂණ, ගුරු උද්ඝෝෂණ, දේශපාලන උද්ඝෝෂණ කිරීම. මේක ඇත්තටම යළිත් රට පුරා කොවිඞ් රැුල්ලක් ඇති කිරීමට පාර කැපීමක්. තමන්ගේ ඉල්ලීම් දිනාගන්න උද්ඝෝෂණ, අරගල කරන්න ඕනෑ. සෞඛ්‍ය අංශ කොවිඞ් පාලනය කරලා තියෙන වෙලාවක රට පුරා උද්ඝෝෂණ පැවැත්වීම අනුමත කරන්න බැහැ.’