ජනාධිපති සහ අගමැති උත්සවශ්‍රීයෙන් ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරලා

ජනාධිපති, අගමැති, මුදල් ඇමතිවරයා ගේ පියා වන ඩී.ඒ රාජපක්ෂ මහතාගේ 54 වන ගුණ සැමරුම් උත්සවයක් පවත්වා තිබුණු අතර එම උත්සවයට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සහභාගී වී තිබුණි.

මෙම උත්සවය නොවැම්බර් 07 දින මහවෙල මාර්ගයේ පිහිටි ඩී.ඒ රාජපක්ෂ මහතාගේ  පිළිරුව අසළ පවත්වා ඇත.

එම අවස්ථාවේදී පුවක්දණ්ඩාව බාලිකා විද්‍යාලයේ සිසුවියන් ඩී.ඒ රාජපක්ෂ ගුණ සමරු ගීතය ගායනා කර ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මව වන දෝන දන්දිනා සමරසිංහ මහත්මියගේ 41 ගුණ සැමරුම් උත්සවය පවත්වා තිබුණු අතර එම අවස්ථාවේදී දෝන දන්දිනා සමරසිංහ මහත්මිය නමින් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාරක් විවෘත කර තිබුණි.

ඒ පිළිබදව ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍යයේ පළ කළ තිබු සටහන පහළින්…

දිවංගත ඩී.ඒ රාජපක්ෂ මහතාගේ 54 වන ගුණ සමරු උත්සවය තංගල්ල මහවෙල මාර්ගයේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අසලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) දින පෙරවරුවේදී පැවැත්විණි.

පුවක්දණ්ඩාව බාලිකා විද්‍යාලයේ සිසුවියන් ඩී.ඒ රාජපක්ෂ ගුණ සමරු ගීතය ගායනා කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ, එස්.එම් චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෙහාන් සේමසිංහ, ඩී.වි චානක, ජානක වක්කුඹුර, තේනුක විදානගමගේ, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහත්මමහත්මීහු ඇතුළු පිරිසක් පළමුව ඩී.ඒ රාජපක්ෂ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.

ඩී.ඒ රාජපක්ෂ ගුණ සමරු කමිටුව වෙනුවෙන් දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කපිල දිසානායක සහ ප්‍රධාන නියෝජ්‍ය ලේකම් උපුල් දිසානායක මහත්වරු සහ දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා ඩී.ඒ රාජපක්ෂ මහතාගේ පිළිරුවට කුරහන් මල් මාලාවක් පලඳවා ගෞරව උපහාර දැක්වූහ.

තංගල්ල වජිරගිරි පුරාණ විහාරයේ විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මිරිස්සේ ධම්මවංශ හිමි මෙහිදී පැවිදි අනුශාසනාව පැවැත්වූහ.

රුහුණු මාගම් පත්තුව ඇතුළු ගිරුවාගම් දොළොස්දහස් රට ප්‍රධාන අධිකරණ සංඝනායක කසාගල රජමහා විහාරාධිපති තලම්පෝරුවේ ඉන්ද්‍රසිරි සුමන නාහිමි, තංගල්ල පොළොම්මාරුව වනවාස කුඩා විහාරයේ විහාරාධිකාරී ධම්මදින්න මහපිරිවෙනේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී මණ්ඩාඩුවේ ධීරානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කළහ.

මේ අතර වීරකැටිය මැදමුලන පිහිටි ඩී.ඒ රාජපක්ෂ මහතාගේ සහ එම මැතිනිය දෝන දන්දිනා සමරසිංහ දිසානායකගේ ස්මාරක වෙත ඊයේ (06) පස්වරුවේ ගිය ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ එම මැතිනිවරු පහන් දල්වා දෙමාපිය ගුණ සිහිපත් කළහ.