මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උප සභාපතිට එරෙහිව පොලිස්  පැමිණිලි 4ක්

මාවනැල්ල මෙඩෙරිගම  විදුහලේ නිහඩ විරෝධතාවක යෙදෙමින් සිටි එම විදුහලේ සිසුන්ගේ මාපියන් පිරිසක් විද්‍යාල භුමියෙන් එළවා,  සිසුවෙකුගේ පියෙකුට පහර දුන් මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උපසභාපති  කේ.ජී. පියතිස්සට එරෙහිව පොලිස් පැමිණිලි 4ක් කර ඇත.

මාවනැල්ල මෙඩරිගම විද්‍යාලයේ විදුහල්පතිවරයා, ගුරුවරුන් 2ක් මාවනැල්ල පොලිසියට පැමිණිල්ලි කර ඇති අතර   ගුරු විදුහල්පති  වෘත්තිය සමිති සන්ධානය පොලිස්පතිවරයාට  පැමිණිල්ලක් කර ඇත.

නොවැම්බර් 03 වන දින තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සමඟ අදාල උපසභාපතිවරයා විද්‍යාල භුමියට සහ කාර්යාලයට  බලහත්කාරයෙන් ඇතුල් වී ගුරුවරුන්ට බැන වදිමින් තර්ජනය කර ඇති බව පැමිණිලි වල සදහන් කර ඇත.

විද්‍යාලයට සහ කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීම, ගුරුවරුන්ට බැන වදිමින් තර්ජනය කිරීම හා සිසුවෙකුගේ පියෙකුට  පහර දීම මෙම පැමිණිලිවල සදහන් කර ඇත.

කෙසේ වෙතත් මාවනැල්ල පොලිසියට කළ  පැමිණිලි සම්බන්ධයෙන්  ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයාව එම පොලිසියට කැදවා ප්‍රකාශයක් පමණක් ලබා ගෙන ඇත.