ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සිදු වී ඇතැයි කියන රුපියල් කෝටි 100කට අධික මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
2018 සහ 2019 වර්ෂවලදී යූරියා ඇතුළු පොහොර වර්ග 3ක් මෙරටට ආනයනය කිරීමේදී ව්‍යාජ රාසායනික වාර්තා සහ කූඨ ලේඛන සකස් කර සිදුකර ඇති එම මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා පැමිණිල්ලක් සිදු කර ඇත.
ඒ සම්බන්ධයෙන් පැමිණිලිකරුගෙන් සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මේ වන විටත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.