ගුරුවරුන්ට සහය දෙන්න පැමිණි මාපියන්ට කුණුහරුපෙන් බැනලා

කොළඔ විශාකා විද්‍යාලය අසල ගුරු වැටුප් විෂමතා විසඳා දෙන්න යැයි ඉල්ලමින් සාමකාමී උද්ඝෝෂණයකට සහභාගී වීමට පැමිණි මාපියන් පිරිසකට පරුෂ වචනයෙන් බැන වැදී එම ස්ථානයෙන් එළවා ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳන්න යැයි  දිවයින පුරා පාසල්වල සිසුන්ගේ දෙමාපියන් නොවැම්බර් 03 වන දින සාමකාමී උද්ඝෝෂණ පවත්වා ඇත. ඒ අනුව අදාල විද්‍යාලයේ සිසුන්ගේ මාපියන්ද එම විද්‍යාලය අසළට ගොස් සාමකාමී උද්ඝෝසණයක නිරත වෙමින් සිටි අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු පරුෂ වචනයෙන් බැන වැදී, ඇති බවත් එම පුද්ගලයන් දෙදෙනාට අමතරව එම ස්ථානයට පැමිණි   විද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරීන් මාපියන්ව එම ස්ථානයෙන් එළවා දමා ඇති බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලීන් මහතා පැවසීය.