මාවනැල්ල මෙඩේරිගම විදුහල ඉදිරිපිට පැවැති මාපියන් උද්ඝෝෂණයක් මැද්දට මාවනැල්ල උපසභාපතිවරයා සහ තවත් මන්ත්රීවරුන් දෙදෙනෙකු කඩා වැදී විරෝධය පළ කිරීම හේතුවෙන් විදුහල ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇති වී ඇත.
තවද එම මාපියන්ට බැන වදිමින් ඔවුන්ව එම ස්ථානයෙන් එළවා දැමීමට අදාල උප සභාපතිවරයා කටයුතු කර ඇත.
ගුරු වැටුප් විෂමතාවට විසදුමක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලමින් දිවයින පුරා විදුහල්වල දෙමාපියන් මෙසේ සාමකාමී උද්ඝෝෂණවල නිරත වී තිබුණී.