මාවනැල්ලේ ගුරු-මාපියන්ට තග දැමූ මැරයා- මිනීමැරුම් චෝදනාවකුත්, මාස්ක් නැතිව පොහොට්ටු සංවත්සරයේ

ගුරුවරුන්ටයි, මාපියන්ටයි තග දැමූ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති තමන්ගේ මැර හැසිරීම සාධාරණීකරණය කරන්නට පාවිච්චි කළේ, ‘ගමට කොවිඩ් ගේන්න බැහැ’ කියමින්. ඒත්, ඔහු ඒ කතා කරන අතරතුරේම තමන්ගේ මුහුණු ආවරණය කිහිප වරක් ගලවන අයුරු දක්නට ලැබුණා.

ඒ විතරක් නෙවෙයි, කේ.ජී. පියතිස්ස නම් මේ උප සභාපති මැරයා ගමේ කොවිඩ් ගැන කෑගහන්න දවසකට කලින් කොළඹ ඇවිත් පොදුජන පෙරමුණේ රාජපක්ෂලා රාජපක්ෂලාටම තෑගි දීලා, කතා පවත්වලා රාජපක්ෂලා රාජපක්ෂලා ගැනම වර්ණනා කරගෙන, පොහොට්ටුව හදලා ජනාධිපති අපේක්ෂකත්වය දුන්නාට රාජපක්ෂ කෙනෙක් රාජපක්ෂලාටම ස්තූති කරපු පවුලේ පක්ෂයේ උත්සවයට සහභාගී වෙලා හිටියා. මාස්ක් නැතිව ආතල් එකේ ෆොටෝ අරන් දාලා තිබුණා. ගමට කොවිඩ් ගේනවා නම්, ගේන්න තිබුණේ මේ මැරයා.

තමන්ගේ ෆේස්බුක් පිටුවේ දින කිහිපයකට පෙර මුහුණු ආවරණය නැතිව මංගලෝත්සවවලට සහ වෙනත් උත්සවවලට සහභාගී වෙන අයුරු ඇතුළත් ඡායාරූප තිබුණා.

කේ.ජී. පියතිස්ස යනු 2013 දී කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මියගේ තීන්දුවක් මත මිනීමැරුමකට වරදකරු වී මරණ දඬුවම ලබා සිට, ඉන් පසු 2015 ජුලි 08 වැනිදා අභියාචනාධිකරණයේදී නිදහස් කරනු ලැබූවෙක්. ඔහු එලෙස මහාධිකරණයෙන් මරණ දඬුවම නියම වී සිටියේ 2003 පෙබරවාරි 12 වැනිදා මාවනැල්ල බෙලිමුල්ල ප්‍රදේශයේදී නිකාබයක් ඇඳගෙන මුස්ලිම් කාන්තාවක් ලෙස වෙස් වලාගෙන ගිහින් කර සිදු කර තිබූ ඝාතනයකට. කපිල ප්‍රියන්ත පද්මකුමාර නම් 32 හැවිරිදි දෙදරු පියෙක්ව තමයි මෙලෙස ඝාතනය කරලා තිබුණේ.

කෙසේ වෙතත් අභියාචනාධිකරණයේදී සාක්ෂි පරස්පර බවත්, විත්තකරුට හරිහැටි විත්තිවාචකය ඉදිරිපත් නොකළ බවත් සඳහන් කරමින් නිදහස් කරලා. මේකෙදී මියගිය ප්‍රියන්ත පද්මකුමාරගේ පවුලේ අයගේ සාක්ෂියේ තිබුණේ 2003 රෑ 12ට නිකාබ් ඇඳගෙන ඇවිත් කේ.ජී. පියතිස්ස ඇතුළු අය වෙඩි තැබීම කරපු බව.

ඒ අතරේ වෙඩි තියන්නට කලින් මුහුණු ආවරණය ගැලවී මුහුණ හරියට පෙනුණ බවත් ඒ ඇවිත් හිටියේ කේ.ජී. පියතිස්ස බව අඳුනගත්තා කියලත් මියගිය කෙනාගේ සහෝදරිය සාක්ෂි දීලා තිබුණා. ඒත්, ඒ සාක්ෂි පරස්පර බවත්, වෙනත් කරුණුත් කියමින් කේ.ජී. පියතිස්ස නිදහස් කරනු ලැබුවේ අභියාචනාධිකරණයේදී. විශේෂයෙන් මුහුණ වසාගෙන සිටීමත්, එවැනි පසුබිමක ඝාතකයා හඳුනාගත් බව තහවුරු කරීමේ අභියෝගයත් තමයි සාක්ෂිය පැත්තෙන් තිබුණු බව කියන්නේ.

අභියාචනාධිකරණයෙන් පියතිස්ස නිදහස් වූ නිසා වෙඩි තිබ්බේ කවුද කියන එක අබිරහසක්.

ඒත්, මාවනැල්ලේ ජනතාව මේ මනුස්සයාගේ නොයෙකුත් මැර හැසිරීම් ගැන ඉන්නේ බියෙන්. මේ මරණ දඬුවම් ලබා, පසුව නිදහස් වීමේ සිද්ධියත් ඔහු ගැන බිය තවත් වැඩි කර තිබෙනවා.

පාතාල පන්නයේ මැරයෙකුගේ හැසිරීම්වලින් ප්‍රදේශය බියගන්වාගෙන ඉන්න කෙනෙක් කේ.ජී. පියතිස්ස. ඒ බව නිව්ස්ෆ්‍රස්ට් ප්‍රවෘත්ති විකාශයේ තියෙන වීඩියෝව නරඹන කෙනෙකුට වුණත් පැහැදිලි වේවි.

ඊට අමතරව 2015 වසරේදී මාවනැල්ල ප්‍රදේශයේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකුට බැණ මරණ තර්ජනය කිරීමේ චෝදනා මත දාපු නඩුවකට වරදරු ලෙස තීන්දු කරමින් මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මේ කේ.ජී. පියතිස්ස කියන කෙනා මාසයක කාලයක් සඳහා බරපතල වැඩ සහිතව බන්ධනාගාරගත කර තිබුණා.

ඊට අමතරව 2018 පළාත් පාලන මැතිවරණයෙන් පසු මාවනැල්ල ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයට ආසන 16ක්, පොදුජන පෙරමුණට ආසන 16ක් සහ ශ්‍රීලනිපයට ආසන 5ක් ලැබිලා තිබුණා. මුලින් එජාපයයි ශ්‍රීලනිපයයි එකතුවෙලා ආණ්ඩුවක් නිර්මාණය කර තිබුණා. ඒ නිසා කේ.ජී. පියතිස්ස නම් මැරයා විපක්ෂ නායක ලෙස කටයුතු කරමින් හිටියේ. ඒත්, පසුව ඔහු ප්‍රාදේශීය සභාවේ බල පෙරළියකින් එහි උප සභාපති බවට පත් වුණා. මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ බල ගැටුම්වලදී බාල මැරයෙකු ලෙස හැසිරුණු අවස්ථා කිහිපයක්ද වාර්තා වුණා. 2019 ජුලි 22 පැවති ගැටුම එවැන්නක්.

දින කිහිපයකට පෙර සාදයක
සභාවේ මැරකම්

මූලාශ්‍ර – (Sources: http://www.dailymirror.lk/, 5/06/2013)