DIG රන්මල්ගේ වාහනය ඉස්සර කළ තරුණයාට පොලිසියේදී පහර දීලා! නිරුවත් කර ජායාරූප අරන්!

රත්නපුර කිරිඇල්ල ප්‍රදේශයේදී  පුද්ගලයකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ස්ථාන මාරුවීම් ලබා සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු අදාළ පුද්ගලයාට වධහිංසා පැමිණවීම සහ ලිංගික අපයෝජනය කළ බවට ලිපියක් ජනාධිපතිවරයා වෙත යවා ඇත.

පහර කෑමට ලක් වූ පුද්ගලයා  වෙනුවෙන් පෙනී සිටින නිලකන්දන් සහ නීලකන්දන් යන ප්‍රසිද්ධ නීති සමාගම මෙම ලිපිය ඉදිරිපත් කොට ඇති අතර එම ලිපිය මගින් ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නිසි පියවර ගන්නා ලෙසත් තම සේවාදායකයාට සාධාරණයක් ඉටු කරන ලෙසත්ය.

නීලකන්දන් සහ නීලකන්දන් පවසා ඇත්තේ ඔවුන්ගේ සේවාදාය කයා මාර්ග සිද්ධියෙන් පසු කිරිඇල්ල පොලිස් ස්ථානයට ගෙන ගොස් කාමරයක් තුළ වධ හිංසා පමුණුවා ඇති බවය.

ඉන්පසුව තම සේවාදායකයා නිරුවත් කර දණගැස්වීමට බල කර,

අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නිලධාරීන් දෙදෙනෙකු ඉදිරිපිටදී රියදුරුට පහරදී ඇති බවය.

තවද  තම සේවාදායකයාට ලිංගික අතවර කර නිරුවතින් ඡායාරූප ගෙන ඇති බවය.

 තම සේවාදායකයා නිදහස් කිරීමෙන් පසු කිරිඇල්ල ග්‍රාමීය රෝහලට ඉදිරිපත් කළ අතර එහිදී ඔහුගේ තුවාල පරීක්ෂා කළ බවය.

ඒ අනුව රෝහලේ වෛද්‍ය නිලධාරියා වෛද්‍ය වාර්තාවක්ද ලබා දී ඇත.

සිදු වූ සිද්ධියත් සමඟ රියදුරු සහ ඔහුගේ පවුලේ අය ජීවිත බියෙන් පසුවන බවත් ලිපියේ සදහන් කර ඇත.

.කෙසේ වෙතත් පහරකෑමට ලක්වූ අදාල පුද්ගලයා මේ වන විට තම ජීවිතාරක්ෂාව සදහා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර ඇත.

රන්මල් කොඩිතුවක්කු මහතා අදාල පුද්ගලයාට මහමගදී පහරදෙන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝ දර්ශනවල සටහන්ව තිබුණු අතර

ඉන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව වෛද්‍ය සේවා සහ සුබසාධන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කර යවා තිබුණි.