ඩීඅයිජීගෙන් ගුටි කෑ කෙනාගෙන් පැමිණිල්ලක්!

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු රත්නපුර – කිරිඇල්ල ප්‍රදේශයේ දී මහමගදී පහරකෑමට ලක්වූ පුද්ගලයා සිය ජීවිතාරක්ෂාව පතා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.

රන්මල් කොඩිතුවක්කු මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම මත ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

රන්මල්ගෙන් එල්ලවුණු පහරකෑම් හේතුවෙන් ඔහු රෝහල්ගතව ප්‍රතිකාරද ලබා ඇත.

කෙසේ වෙතත් මීට පෙරද වත්තලදී බස් රථ රියදුරෙක්ට ඔහුගේ වාහනය ඉස්සර කර බස් රථය ධාවනය කළ බවට පහරදීමක් සම්බන්ධයෙන්ද රන්මල් කොඩිතුවක්කු මහතාට චෝදනාවක් එල්ලවී තිබුණි.