සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය විවහා වී තිබුණු අතර එම උත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ එම අවස්ථාව සහභාගී වී තිබුණි.
මෙම උත්සවය ඔක්තෝබර් 30 දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පවත්වා තිබුණි.
කෙසේ වෙතත් 2020 ජූලි මස 01 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේ තමන් හට පෞද්ගලික උත්සව සඳහා ආරාධනා නොකරන ලෙසය.
තමන්ට ත්‍යාග ප්‍රදාන උත්සව, විවාහ උත්සව, සාද වැනි අවස්ථාවන්ට සහභාගීවීමට අපේක්ෂා නොකරන බැවින් ජාතික වගකීම් සපුරාලීමට සදහා ඒ මහතාට කාලය ලබාදී එවැනි ආරාධනා නොකරන්නැයි සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද නිවේදනයේ සඳහන් විය.

