ශ්‍රී රාම් මන්දීර් කෝවිලට ශ්‍රී ලංකාවෙන් සිහිවටනයක්

ඉන්දියාවේ අයෝධ්‍යා නුවර ඉදි කරමින් පවතින ශ්‍රී රාම් මන්දීර් කෝවිල සඳහා ශ්‍රී ලංකාවෙන් සිහිවටනයක්  තිළිණ කර ඇත.

පුරාවෘත්තවල සඳහන් කර ඇති  රාම-රාවණා සිද්ධියට සම්බන්ධ මෙරට සීතාඑළිය කෝවිල් ප්‍රදේශයෙන් ලබාගත් පාෂාණයක් ඉන්දියාවට රැගෙන ගොස්  ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ශ්‍රී රාම් මන්දිරයේ භාරකාර පූජකවරුන් හට එම පාෂාණය තිලිණ කර ඇත.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලොව සියලු රටවලින් රාමායනයට සම්බන්ධ සිද්ධි අළලා සංකේත, රාම් මන්දිරයේ තැන්පත් කිරීම සඳහා පිරිනමන මෙන් ඉල්ලා සිටි බවත් ඒ අනුව මෙම තිලිණය පිරිනමා ඇති බවත් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසා ඇත.